"අන්න බලහන් අන්න බලහන් අරූ හෙළ බොජුන් එකේ ඇන්ටිට ලයින් දානවා..මම කිව්වෙ බොරුද අන්න බලහන්"රදීශ් හෙළ බොජුන් එක්කෙ ඇන්ටිට ලයින් දදා චිකන් චීස් කොත්තුවක් අරන් එන හැටි මම සෙට් එකේ අනිත් උන්ටත් පෙන්නුවා..
"නොදකින් කාලකණ්ණියා..ඕකා ඔහොම්මමයී...."
"මේක හරියන්නෙ නෑ අපි අපේ නායකයෙක් බලයට පත් කරන්න ඕනෙ...බලහන් මේවගෙ ගනන්"
"තෝත් ආයෙම පටන් ගත්තද ඒ ගමන..වාඩි වෙයන් දිහේන්....රදීශ් ගනින් උබේ Jbl එක එක..දාපන්කො සිංදුවක් වත්"
රදීශ් උගේ Jbl එක අරගෙන සිංදු දානවා වෙනුවට සිංදු කියන්න්න ගත්තා....කරුමෙට උගෙ Jbl එකට් මයික් එකකුත් තියේ...
"දිහේන් අපි අපේ නායකයෙක් පත් කරමූ..යෝජනා කරපන් නමක්...නෑ මං යෝජනා කරන්නම්...ලයිලා උඹ තමයී අපේ නායකයා...නැගිටපන් ලයිලා.....අපේ අනාගත නායකයා"
"අඩේ වාඩිවෙයන් රදීශ්....අපිව එලවයි බං මෙතනින්..මතකයිනේ ගිය පාර security ආන්ටි අපිව එලවපු හැටි...තව පොඩ්ඩෙන් ඩීන් ගාවටත් එක්කගෙන යනවනෙ.."
ලයිල කියපු කතාව ඇත්ත...එක පාරකුත් security ඇන්ටි අපිට කැන්ටිමේ සින්දු දානවට පාට් එක දාගෙන ආව..ඒ ඇන්ටිට කොහොමත් දැන් අපිත් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනො.....සින්දුනෙ දාන්න බැරි, ඉතින් අපි ආඨානාටෙ සද්දෙට දාලා ඒක කියන්න ගත්ත..මෙන්න මේකි අපෙ නම් ලියාගෙන ඩීන් ලගට යවන්න හදාපි...එදා නම් අපේ බැජ් එකේ 20ක් විතර එතන හිටියා ......ඕකි ඔහොම්මමයි...එදානම් වැදලා වැදලා බේරුනා...මොනා උනත් අපි වැරදිත් නෑ..මේක කැම්පස් එකක්..අනික අපි සින්දු දැම්මෙ කැන්ටිමේ...කාටවත් කරදරයක් වෙන්න වත් නෙවෙයි...කොහොමත් ඔය වගේ මිනිස්සු හැමතැනම ඉන්නවා..අපිට හැම මනුස්සයම හදන්න බෑනේ කොහොමත්....
"තේව් වරෙන්...අපි ලයිලව දිනවමු....
යේක ලයිලා තමා දිනනවා..
මිත්ර වරුනී ලැට්කට ලකුණින් ලයිලට ඔබගේ වටිනා මනාපය පලකරන්න..."ඔයී තේව් මම පලවෙනි එක කියන්නම් උබ continue කරහන්"
"උඹ මොනවද කියන්න හදන්නෙ.. මම මොනවද continue කරන්න ඕනෙ...කියල හිටහන් ඔක්කොටම කලින්"
" හදට සාගිනි කුසට සෝගිනි..."
"ඒ...ගත් කටටම රුන්නා, තොගෙ හදවතටද gastritis හැදෙන්නේ"
දිහේන් තඩි chicken කෑල්ලක් අදින ගමන් රදීශ්ට බනින්න ගත්තා...එහෙමයි කියලා රදීශ් නවතීද?
"හරි හරි බං මිනිස්සුනට තමයි වරදින්නෙ..වරෙන් තේව් මං කිවටට පස්සෙ උබ continue කරපන්...මතක ඇතුව එලිසමය තියපං..."
"ඕකේ බොක්ක පටන් ගනින්"
මේ පාර මූ මයික් එක ඕන් කරලම පටන් ගත්තා..
"කුසට සාගිනි හදට සෝගිනී"
"kottu mee එකටත් කෙලවලා"
"ඒක කාලත් ඉන්න බෑ දැන්"
"දවස් ගානක් පු*ත් දනවා"
"ඉන්නෙ කොහොමද අනේ තවකල්"
"ටිකිරි මාරිත් සීය පැනලා"
"චීස් කොත්තුව ඇස් පනාපිට"
"එන්න එන්නම ගනන් යනවා"
"data pack එක දවස් හතරයි"
"ඉතුරු ටික අපි හිගා කනවා"
"දැනෙනවා ඇති ජීවිතේ බර"
"අහෝ මට නම් රෙද්දෙ රෙවිලා"
"නැගිටින්න සහෝදරවරුනී...නැගිටින්න..
දූෂිත පාලනයට එරෙහිව.....හුටා""දුවපාන්... තේව්..රදීශ්.. අර යක්සනී එනවා.........."
දිහේන් කකා හිටිය chicken කෑල්ල කලබලේට සාක්කුවේත් දාගෙන Jbl එක අරන් පුටුවක් උඩින් පැනලා කැන්ටින් එකේ පිටිපස්සෙ දොරපැත්තට දුවන්න ගත්තා....
ඒ වෙනකොටත් ලමයි පන්සීයකට විතර එක සැරේ වාඩි වෙන්න පුලුවන් කැම්පස් එකේ ලොකුම කැන්ටින් එකෙ සම්පූර්ණ අවදානය අපිට එල්ලවෙලා තිබ්බෙ....
දිහේන් පෙරමුන ගනිද්දි පිලිවෙලට රදීශ් සෙනාරා ලයිලා පැහැසි මම පුටුත් පෙරලගෙන එලියට දුවන්න ගත්තා.....
කොහොම උනත් මුලු කැන්ටින් එකම අපිට cheer කර කර දුවන්න පාරත් හදලා දුන්නා.....
දුවන ගමන් නිකමට වගේ මට කැන්ටින් එකේ එක පැත්තක විතරක් හදලා තිබ්බ mezzanine floor එක දිහා බැලුනා....ඒක උඩත් tables දාලා ලමයින්ට ඉන්න පුලුවන් විදියට හදලා තිබ්බෙ...ඒ වෙලාවෙත් ඒක පිරිලා තිබ්බෙ...ගොඩක් අය අත් වැටට හේත්තු වෙලා පහල වෙන දේවල් බලාගෙන හිනාවෙනවා...කොච්චර පිරිල තිබ්බත් මේ කලබල අස්සෙ, දෙනෝදාහක් මැද මම ඒ ඇස් දෙක ආයෙත් දැක්ක...හැබැයි කලින් දකිනවට වඩා වෙනසක් තිබ්බා...ඒ කඩවසම් ඇස් දෙක හිනා වෙනවා...
_______________________________________
😁
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."