Chapter 15

262 26 12
                                    

"මට බෑ මුන් එක්ක.....අහගන්න....මම ආයෙ කියන්නෙ නෑ....අහගනිල්ලා......"

පවු.. මිනෝලි තනියම කෑගහනවා.. අද දවසම නටලා නටලා හැමෝම හෙම්බත්වෙලා වගේ බේස්මන්ට් එකේ කොරිඩෝවක වැටිච්ච වැටිච්ච තැන්වල...කබරයෝ පොලොවෙ ගහලා වගේ....

අපිට අද හවස්වරුව විතරක් කෝට්යාඩ් එකේ ප්‍රැක්ටිස් කරන්න හම්බුනා.....
ඒත් කරුමෙට පාත් උන වැස්සක් නිසා අපිට  වැඩිවෙලා එතන නටන්න උනේ නෑ......පුලුවන් විදියට බේස්මන්ට් එකේ ඉඩතිබ්බ මුල්ලක් අල්ලගෙන අපි ටිකක් පුරුදු උනා.....

හයටත් කිට්ටුයි.....තව පරක්කු උනොත් අන්තිම බස් එක අල්ලගන්න වෙන්නෙත් නෑ........කවුද දෙයියනේ මේ හද්ද වන්නියෙ කැම්පස් හදන්න ඉඩම් දුන්නේ..........තව දවස් දෙකයි function එකට තියෙන්නෙත්....අනිත් එක හෙට ස්ටේජ් රියසල් එකත් තියෙනවා.....

"අපි තමයි අන්තිමට නටන්නේ ලමයි......හරිද?......අද පුරුදු උනා වගේම කරමු හොදේ හෙටත්...උදේ රියසල් එකනම් අපිට තනියම කරන්න පුලුවන්, පොඩ්ඩ්ක් ස්ටේජ් එකට පුරුදු වෙන්නත් එක්ක....හැබැයි පුතෝ හවස එකට නම් ඩීන් විතරක් නෙවෙයි තව ලෙක්චර්ස්ලා දෙතුන් දෙනෙකුත් එනවා කිව්වා... ඒක නිසා චාටර්....අහගනිල්ලා හොදට වචනේ,  චාටර් නොවී වැඩේ කරන්න ඕනේ....."

මිනෝලි පොඩි එවුන්ට වගේ අපි හැමෝමව වටේට වාඩි කරවගෙන කියන්න ගත්තා.....

"ආ මේ තව එකක්.....හෙට උදේට costume ටිකත් හම්බෙනවා...ඒවගේ මොනව හරි ඇදයක් එහෙම තිබ්බොත් හදාගන්න ඕනේ බලලා, ඒක නිසා කට්ටිය හෙටත් ටිකක් උදෙන් එන්න......තොපිට එලිවෙන වෙලාවට එන්න එපා......7 වෙනකොටවත් වරෙන් ඇතුලට...."

අපේ රෙපා අයියගෙ කටහඩ කොරිඩෝවෙ දෝංකාරෙත් දෙන්න ගත්තා....ලොකු අයියා කියවලා ඉවර වෙනකොටම මෙච්චර වෙලා කට හද හද හිටපු පැහැසිත් නැගිටලම සභාව අමතන්න පටන් ගත්තා.......

"මේ මටත් වැදගත් දෙයක් කියන්න තියෙනවා..ඒක  අද කිව්වට වැඩැක් නෑ....හෙටත් කියන්න ඕනේ.....ඒක නිසා මම ඒක හෙටම කියන්නම්.......අපි දැන්වත් යමු නේ....හෙට උදෙන්ම එන්නත් එපැයි..."

හරි දුර ඉන්න එක්කෙනානෙ ඉක්මන්ට යන්න හදන්නෙ......පැහැසි කියවලා ඉවරවෙනකන් බලන් ඉදපු ඒශාන් ආ‍යේ පටන් ගත්තා.....හැබැයි ඒශාන් ඒ පැහැසිට දාපු බැල්මට් එකනම් මට ඇල්ලුවෙ නෑ එච්චර....ලොකු අයියා ඒ ගමන මොකටද කුරුමානම් අල්ලන්නෙ......

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now