Chapter 22

360 31 12
                                    

"චූටී නිදිද?......"

අම්මා මහ රෑ එකොලහට විතර හදිස්සියෙම කාමරේට ආවා..

"නෑ අම්මේ..මේ වැඩ වගයක් තිබිලා කරන්න ගත්තා.."

"තේ එකක් හදලා ගේන්නද?"

"එපා අම්මේ මම තව ටිකකින් හදාගන්නම්...ඇයි අම්මේ ආවෙ.."

"ඇයි මට එන්න හොද නැද්ද?"

"නෑ අනේ..... මම එහෙම කිව්වෙ නෑනේ......"

මම කර කර හිටපු වැඩෙත් නවත්තලා ඇදට පැනලා අම්මා ලගින් දිගා උනා.....

"පොඩි වැඩක් අහන්නත් එක්ක තමයි ආවෙ නම්....හෙට කැම්පස් යන්නෙ නෑනේ ඔයා..."

"නෑ හෙට යන්නෙ නෑ....."

"හෙට උදේ අයියා එනවනේ චූටි....තාත්තා කතාකරා මටත් එයාර්පෝට් යන්න....මට යන්න වෙන එකක් නෑ වගේ..."

"ඇයි ඒ....අ‍යියා එනවා කිව්වෙ උදේ පහට විතරනේ..."

"ඒකනේ චූටි...සුබා ඇන්ටිගෙ ගෙදර හෙට උදේ කිරිඅම්මා දානයක් තියෙනවනේ...මම තාත්තා එක්ක ගිහින් ඇවිත් එහෙ යන්න හිටියේ....හැබැයි පරක්කු වෙයි පුතේ එහෙම උනොත්...මට දැන් ගොඩක් දවසක ඉදන් කිය කිය හිටියෙ උදෙන් එන්න කියලා..."

"දැන් තාත්තා එතකොට උදේ තනියමද යන්නෙ.."

"ඒකනේ චූටි, ඔයාට පුලුවන්ද තාත්තා එක්ක යන්න අයියව එක්කන් එන්න..."

"හා මම යන්නම්...."

"අන්න එහෙම ඉන්න දරුවෝ....."

අම්මා මගේ ඔලුව අත ගෑවා......ගොඩක් දවසකට පස්සෙ අම්ම එක්ක මෙහෙම හිටියේ.....ලොකු සනීපයක් දැනුනා.....අම්ම ඇග සේදුවට පස්සෙ එයා ගාවින් එන සුවදට මම කොහොමත් කැමති....සීතල සනීපයක් අම්මා ලග තියෙනවා...මට වෙන කිසිම කෙනෙක් ලග දැනිලා නැති, කවදාවත් දැනෙන්නෙත් නැති.....
ඒත් අනේ මන්දා ඇයි අම්මයි මගෙයි අතරෙත් දැන් මට හිස්තැනක් දැනෙන්නේ.....
අම්මා මෙච්චර ලග ඉදලත් මට ලොකූ දුර බවක් දැනෙන්න ගත්තා.....

"කොන්ඩෙත් වැවිලා ටිකක්....තව ටිකක් වැවුනොත් පෝනිටේල් එකක් දාන්නත් පුලුවන්..මේ...."

අම්මා මගේ කොන්ඩෙට එක එක ඒවා කර කර හිනා වෙනවා.....
අනේ මට හැමදාම මෙහෙම ඉන්න ආසයි.......මොකද්දෝ කියාගන්න තේරෙන්නෙ නැති ලොකු දුකක් එක සැරේට මගේ හිතම වහගත්තා.....මටත් නොදැනීම මගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා.....

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now