දවස් සති ගෙවෙනවා දැනෙන්නෙම නැතුව...අන්තිමට රදීශ්ලගෙ ගෙදර ගිහිනුත් මාසයක් උනා...ප්රොජෙක්ට් එක ඉවර උනා විතරයි final year first semester exam පටන් ගත්ත නිසා මේ මාසෙ නම් නිදාගත්තෙ නැතිතරම්...මේ ටිකේ කැම්පස් එකේ හැම faculty එකේම වගේ exam තිබ්බා....ඒක නිසා මේ දවස් වල බස් වලින් බහින ළමයින්ගෙ මූණු දැක්කම නම් දුවන්න හිතෙනවා...විශේෂයෙන් final year ළමයින්ගෙ....අනේ මේ මලපෙරේත වේසෙන් exam hall වලින් එලියට එන හැමෝටම දවසක රෙවෙන්න හරියන්න ඕනෙ.....
දෙයියනේ කියලා අපිත් අද අන්තිම පේපර් එක ලියලා එළියට ආවා....හුග දවසකින් සෙට් එක එක්ක කෑවෙත් නෑ.....පෙරකල පිනට මමයි රදීශුයි ලයිලයි project එකේ එක group එකට වැටුනට අපේ තව තුන් දෙනෙක් වෙන වෙන group වලට වැටුනෙ........
"ඉවරායී....ඉවරායී.......ඉවරායී........ඊයෙ රෑ share කරපු අලේට පින් සිද්ද වෙන්න එක ගානක් හදා ගත්තා"
"එක ගානයිද රදීශ් හැදුවේ ඔයා"
"ඔව් අනේ එක ගානයිනේ මම හැදුවේ....ඉතුරු ටික හිස් තිබ්බ පේපර් එක හදපු එකාට පුරවන්න...ඇයි යකෝ වාරික වශයෙන් හෙන ගහන්න ඕනෙ මෙහෙම පේපර් හදන උන්ට..."
"පේපරේ හදපු එක්කෙනාගෙ නෙවෙයි වැරැද්ද..ඇත්ත කියනවා තමුසෙ පාඩම් කරේ නෑ නේද?"
"නෑනෙ මම පාඩම් කරන්නෙ නෑ..ඊයෙ රෑත් විලි වේදනාවෙන් කෑගහපු වැස්සියෙක්ට පැටිය ගන්න උදව් කරා.... තේව්..කියපන් මේකිට....මං පැටියව එලියට ඇදලා ගත්තට පස්සේ මූ පුක හේදුවා"
"කාගෙද? වැස්සිගෙ?"
"නෑ මගේ"
රදීශ් සෙනාරා එක්ක ආයෙම පැටලෙන්න ගත්තා...සෙනාරා රදීශ්ට දුරින් ඥාතී වෙනවා..අපේ කරුමෙකට මුන් දෙන්නම එක batch එකකට සෙට් උනානෙ...වලිගෙ පාග ගත්තු ගමන්මයි මුන් දෙක ජීවත් වෙන්නෙ..නයාට අදුකොළ නෙවෙයි..පොළගට ලුනුදෙහි..නෑ ගැරඩියට petrol වගේ..මොකෙක්ට මොකක් හරි වගේ උන් දෙන්නට උන් දෙන්න පේන්න බෑ, ඇරගන්න බලාගෙනමයි ඉන්නෙ....
"අයියෝ නවත්තගන්නකෝ...සෙනාරා එන්නකෝ..."
ඒ ගමන ලයිලත් බෙරිහන්තියන්න ගත්තා...ඇත්තටම සෙනාරා කියන්නෙ ලයිලගෙ girlfriend...ලයිලා ටිකක් calm character එකක් උනාට සෙනාර එහෙම නෙවෙයි..ඒකි ඕනෙම එකෙක් එක්ක ඇරගන්න බලාගෙනමයි ඉන්නෙ...මොනව උනත් ලයිලනම් සෙනාරට පට්ටම ආදරෙයි...
hall එකෙන් එලියට බැහලා අපි මල් පාර දිගේ කෙලින්ම ඇවිදන් කැන්ටිම පැත්තට...
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."