Chapter 23

259 27 21
                                    

"ඔහොම හිටු..නවත්තපාන් නවත්තපන් හු*...."

"අද පෝය යකෝ කුනුහර්ප කියන්න එපා..."

"තෝ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව වරෙන් බූරුවා...තෝ නිසා තමයි පරක්කු උනේ....."

හය වෙනකොට කොට්ටාවට එන්න කියල තිබ්බත් රදීශ් නැගිටිනකොටත් හයයි වෙලාව....මාත් ටිකක් පරක්කු උනා තමයි ඒත් මම හය වෙනකොට රදීශ්ලගෙ ගෙදරට හරි ගියානෙ......කොහොමින් කොහොම හරි අපි දෙන්නා හත වෙනකොට කොට්ටාවට ආවා...

අපි දෙන්නා වාහනෙන් බැහලා බස් එකට දුවනකොට මුන් බස් එක අද්දන්න ගත්තා... දැන් ඉතින් අතින් කටින් එල්ලගෙන දුවපන්කො බස් එක පස්සෙ...තව පොඩ්ඩෙන් jbl එකේ වයර් එක පෑගිලා වැටෙනවත් එක්ක..... අපි දෙන්නා මීටර් පන්සීයක් විතර බස් එක පස්සේ දිව්වා..
සාදාරණයි ඉතින් මෙවැනි දඩුවම්.....

"වරෙන් වරෙන් පොඩි  පගයො දෙන්නා.....තොපි දෙන්න කවද්ද බන් වෙලාවට වැඩක් කරන්නේ....."

"නවත්තපන් ලොකු අයියේ....."

"අඩේ නවත්තපන්.....තව නම් බෑ ...."

ගෙදරට ඇදන් හිටපු වැල වගේ ටී ශිර්ට් එකට ඩෙනිමක් දාගෙන දත් ටික විතරක් මැදගෙන අපායෙ සිකියුරිටි වගේ හිටපු රදීශ් යන්තම් බස් එකට ගොඩ උනා....මාත් ඌත් එක්කම වගේ බස් එකට නැග්ගා....

මම නැග්ග ගමන් ඩ්‍රියිවර් සීට් එක පිටිපස්සේ තිබ්බ එක්කෙනෙක් විතරක් වාඩිවෙලා හිටපු පලවෙනි සීට් එකේ වාඩි උනේ දුවලා දුවලා මහන්සී නිසා.....

රදීශ් සීට් පේලි දෙක අතරෙ බිම වාඩි වෙලා දිගා උනා....

රදීශ්වත් පාගෙන ඉස්සරහට ආපු වෙනුර නඩය අමතන්න ගත්තා...

"එහෙනම් අපි සාදු කාරයක් දීලා ගමන පටන් ගමු ලමයි....ඔක්කොම ආවනෙ දැන්..... කෝ සාදු කාරයක් දෙන්න පින්වත..."

"සාදු!!"

"තව එක සැරයක් සාදු කාරයක් දෙන්න පින්වත"

"සාදු!!!"

"තව එකම එක සැරයක් සාදු කාරයක් දෙන්න පින්වත"

"සාදු!!!!"

"තව එකම එකම එක සැ........"

"නවත්තපන් වෙනුර...."

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now