Chapter 34

292 26 22
                                    



බලාපොරොත්තු උනේ නැති විදියට ගමන මැදදී දාරානිපාත නොවුනත් වැස්සක් ඇද හැලෙන්න ගත්තා...හුරු පුරුදු පාරවල් නොවුන නිසා වැස්ස අඩු වෙනකන් වාහනේ වේගයත්  ටිකක් අඩු කරලා ඉදිරියට යන්න, විවාන්ට අයිති Mercedes-Benz  Vito Tourer වර්ගයේ වෑන් රථය පදවපු විවාන් විසින්ම ලබා දීලා තිබුන පලපුරුදු රියදුරු මහතා තීරනය කරා....


"තව දුරයිද බන්................"

නින්දෙන් නැගිටලා වටපිට බලලා තේව් ඇහුවේ ලයිලගෙන්...

"හ්ම්..............."

"බොරු කියන්නෙ නැතුව හිටහන්.. උබ කොහොමද දන්නෙ තව දුරද කියල උඹත් මෙච්චර වෙලානිදිනෙ.."

ඇත්තටම ලයිලත් මෙච්චර වෙලා තේව්ට හේත්තුවක් දාගෙන ආඩි ලිද වගේ කටත් ඇරගෙන නිදාගෙන හිටියෙ....
ලයිලා ඇහැරුනෙත් තේව්ගෙ කටහඩටම තමයි......
පොලොන්නරුව පාස් උනාට පස්සෙ තේව් නින්දට වැටුනේ අනිත් හැමෝම ඒ වෙනකොටත් හිටපු හිටපු තැන්වල නිදාගෙන හිටපු නිසා... .
ගමනක් යද්දි තේව් හරි උද්‍යෝගිමත් ලමයෙක්...පොඩි දරුවෙක් වගේ... ඒත් මොනවා කරන්නද වාහනේ හිටපු ලොකුම අයියලා දෙන්නත් ගමන පටන් ගත්තු වෙලේ ඉදන් නිදි කිරන්න ගත්තම.......

නිදි විකාරෙන් කියවන ලයිලගෙන් අහලා වැඩක් නැති නිසා තේව් එයාට ඉස්සරහින් ෂීට් එකේ හිටපු රදීශ්ට කතා කරා....

"ඔයී තව දුරද?"

"දෙක වසරෙද බන් උබ.... නැග්ග වෙලාවෙ ඉදන් තව දුරද තව දුරද අහන්නෙ... පාසිකුඩා යන්නෙ බන්, උබලයි ගෙදර ඉදන් අපේ ගෙදරට නෙවෙයි..."

ඔය අහගත්තෙ ඉතින්....

"ඇති ඇති නිදාගනින්... අහන්නෙ නෑ තොගෙන් ආයෙ මුකුත්..."

"අනේ මගෙ බොක්කට තරහා ගියාද"

"දැන් එනවා බොරුවට මොත්තෙ දාගෙන බල්ලා...නිදාගනින්....." 

කොච්චර බැනගත්තත් ගහ මරා ගත්තත් මේ ඩබලව යන්තමට හරි දන්න හැමෝම වගේ කියපු එක දෙයක් තිබ්බා, 'අපරාදෙ මුන් දෙන්නා ගෙවල් දෙකක ඉපදුනේ'...... ඒ මේ ඩබල කොයිවෙලෙත් එකටම ඉන්න නිසාම නෙවෙයි, තේව්ගෙයි රදීශ්ගෙයි තිබ්බ බැදීම 'සහෝදරයෝ' විදියට අර්ථකතනය කරන්න ඕනෙ උන නිසා....
 

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now