හවස හතරටත් කිට්ටු වෙලා මම හිතන්නෙ....
අපි හවස්වරුවම කරේ පිල් දෙකකට බෙදිලා වැල්ලෙ ෆුට් වොලිබෝල් ගහපු එක....."ඔය ඕක දාපන් මෙහෙට....මෙහෙට මෙහෙට යකෝ...... අන්න අරූගෙ සෙරෙප්පු දෙක ගනින් කවුරු හරි...."
සහන් වෙනුරයට කෑ ගහන්න ගත්තෙ උට ටිකක් වැඩිවෙලා බෝලෙට ඇරෙන්න අහල පහල ඔක්කොටම පයින් ගහන්න ගත්ත නිසා.....
ඒ අස්සෙ උගෙ සෙරෙප්පු දෙකත් රැල්ලට ගහගෙන යන්න ගත්තා..."අඩෝ අන්න අර සෙරෙප්පු දෙක ගනින් කවුරු හරි නැත්නම් ඒකත් යයි..."
තව කවුරුහරි සහන්ට කිව්වා...ඇත්තටම මීට විනාඩි ගානකට කලින් සිත්මගෙ සෙරෙප්පු දෙකෙන් එකකුත් මගෙ මෝඩ පගා අතින් මුහුදුබත් උනා......
"අඩේ ඔන්න ඕකව උස්සලා දාපන් මුහුදටම වෙරි යන්න"
මලීශයා කියල ඉවර කරන්නත් කලින් වෙනුරයා එශාන්ගෙ ග්රහනයට අහු උනා.... ඊලග මොහොතෙම පොර ගුවන් ගත උනා.......
"ඒ වැඩෙත් නරකමත් නෑනේ බං...."
රදීශයා මට හේත්තුවක් දාගන්න ගමන් කිව්වා......
"උබට ආස නැද්ද ඒ වගේ උඩ යන්න...."
"අනේ නෑ බං මට මුහුදු වතුර ඇලජි............."
"අත ඇරපා........න්........... මාව අත ඇරපා.....න්....... බල්ලො ටිකක් උබලනම්.... අත ඇරපා...........................න්..................හු*තෝ........."
රදීශ්ට ඌ මට කියන්න ගිහිපු එකවත් ඉවර කරගන්න උනෙත් නෑ.... මගේ කන ගාවින් පොර පාවෙලා ගියා..... ඇලජික් කියලද මන්දා කියන්න ගියේ....කමක් නෑ පොර මෙහෙම හරි නාගත්තනෙ.....
"මූ විතරක් නාවපු එක හරි නෑනෙ... අනිත් එකාවත් ගනින්......"
කවුද සහන් අනිත් එකා කියලා අදහස් කරේ......
ඒ තත්පරේම වගේ මාත් උඩ ගියා.... හරිනෙ ඉතින් අමාරුව දැන් නාපන් ලුනු වතුර................
ඒකෙත් ආතල් එකක් නැත්තෙම නෑ හැබැයි...."මොකද කට්ටිය කියන්නේ..........ලොකු අයියවත් නාවමුතේ......."
"නැවතියන්... අඩෝ මං මේ කලිසම විතරයි බන් ගෙනාවෙ...... අඩෝ නැවතියල්ලා හොද හිතින්............."
එශාන් උගෙ හැලි හැලි තිබ්බ කලිසම අත්දෙකෙන්ම අල්ලගෙන දිව්වත් සිත්ම එශාන්ට වැඩිදුර දුවන්න දුන්නෙ නෑ....... අනේ ඉතින් අන්තිමට ඌ නැවතුනෙත් යන්තම් වැලි පිහිදගෙන ගොඩට යන්න හදපු මගෙයි රදීශ්ගෙයි ඔලු උඩ...... අහස කඩාගෙන වැටෙනකොටත් මේ වගේ ෆීලින් එකක්ද දන්නෙ නෑ එන්නෙ.....
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
عاطفية"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."