"අනේ මන්දා බං මම කොහොම පටන්නනද කියලා...."
"උබට කියන්න ඕනෙ හැමදේම කියහන්... මුල මැද අග ගලපන්න ඕනෙ නෑ... උබට හිතෙන විදියට ඔය හිරකරගෙන ඉන්න දේවල් ඔක්කොම ඇදලා දාපන් බං....උබට සහනයක් දැනෙනකන් හැමදේම කියන්න......"
"අපිට first year එකේ first sem exam ඉවර උනාම සති දෙකක් නිවාඩු හම්බුනේ, ඒ දවස් වලම අපේ අයියත් නිවාඩුවට ලංකාවට ආවා....
නිවාඩු දෙන්න ටික දවසකට කලින් තමයි A/L රිසාල්ට්ස්නුත් ආවෙ.... ඒ දවස් වල රටේ තිබ්බ ප්‍රශ්නත් එක්ක අපේ රිසාල්ට්ස් එද්දි අපි කැම්පස් එකේ ෆර්ස්ට් සෙම් එකත් ඉවරයි...... මට ඉන්ජිනියරින් යන්න රිසාල්ට් එක මදි උනා, එ උනාට මට government කැම්පස් යන්න තරම් රිසාල්ට් එකක් තිබ්බා....ඒත් අයියා ඒකටත් දොස් කිව්වා... මම මේ ඩිග්‍රී එකක් පටන් අරගෙන කරගෙන යනවත් එක්ක... එයාලම තමයි මාව මේකට දැම්මෙත්, ඒ ඔක්කොමත් කරලා තවත් මගේ A/L රිසාල්ට් එකත් අල්ලගෙන කියවන්න ගත්තා.... එයාලා එච්චර bright වෙලා ඉපදුන එකට මං මොනවා කරන්නද ඉතින්..... එයාලා gov කැම්පස් වල ලොකු ඩිග්රි ගත්තට මං මොනවා කරන්නද.... මම එයාලා කරන හැමදේටම කැමති වෙලත් මම තවත් අනං මනං අහනවා....
පොඩි කාලෙ ඉදන්ම හැමදාම මම compare උනා... අයියා මේ වගේ, අක්කා මේ වගේ, තාත්තා මේ වගේ, තාත්තගේ යාලුවන්ගෙ ලමයි මේ වගේ, තාත්තගෙන් ඉගෙන ගත්තු ලමයි මේ වගේ, අයියගෙ යාලුවො මේ වගෙ, අයියගෙ යාලුවන්ගෙ සහෝදරයො මේ වගේ,අරයා අර වගේ ඇයි ඔයාට බැරි මෙයා මේ වගේ ඇයි ඔයාට බැරි.. කොටින්ම කිව්වොත් ගෙදර බල්ලට පවා මාව compare උනා..... මට මාවම එපා වෙන තරමටම මාව compare උනා....හොදම වැඩේ ඒ හැම තැනදිම මට කට වහගෙන අහගෙන ඉන්න සිද්ද උන එක.... මොකද ඇත්තටම මම ඒ කියපු කවුරුවත් තරම් දක්ශ ලමයෙක් නෙවෙයි... මට උපතින් ගෙනාපු දක්ශකමක් තිබ්බෙ නෑ... මම සාමාන්‍ය ලමයෙක්... සෙල්ලම් කරන්න නිවාඩු දෙනකන් බලන් හිටපු, රසට කන්න ආස කරපු, හිනා වෙලා ඉන්න ආස කරපු සාමාන්‍ය ලමයෙක්...... ඉතින් එයාලා කියපු හැමදේම මම අහන් හිටියා...
මට ඇත්තටම කිසිම අඩු පාඩුවක් තිබ්බෙත් නෑ, මම හොද ඉස්කෝලෙකට ගියා, මාව හොද පන්තිවලය යැව්වා, ලෙඩකදි පවා තාත්තා හොදම ඩොක්ටර්ස්ලව චැනල් කරලා බෙහෙත් අරන් දුන්නා.. මට මෙහෙමයි කියලා කටින් කියන්න තරම් අඩු පාඩුවක් තිබ්බෙම නෑ... තාත්තා ඒ විදියට මට මං වෙනුවෙන් කතා කරන්න තිබ්බ අයිතිය හරි සාධාරණ විදියට නැති කරලා දාලා තිබ්බා.....
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."