"බද අල්ලාලා නලවලා පවනම් මාල ගොතා
මැය දුක කෝම ඉවසන්නද හඩලා කඩුලු සලා"ඔරිජිනල් සින්දුවට වඩා මට කවර් එක ලස්සනට අහෙන්න ගත්ත තවත් සින්දුවක් සොකරි..සින්දුව සැනසීමෙන් මගේ හෙඩ්සෙට් එකේ ප්ලේ වෙනවා..සෙනසුරාදා නිසා බලු බල්ලෙක් පේන්න නැති කැම්පස් එකේ පාරෙ මමත් ඔහේ ඇවිදන් ගියා....
වෙලාව උදේ 7 යි...තාම හරියට ඉර පායලත් නෑ වගේ..සින්දුව ඉක්මනට ඉවර උන නිසා මම ඒක අයෙම ප්ලේ කරලා බිම බලාගෙන දිගටම ඇවිදගෙන ගියා.....
ලස්සන sports shoes දෙකක් මගේ පැත්තට එනවා..තනි කලු පාට සපත්තු දෙකේ හයිලයිට් කොල පාටින් පොඩි ලයින් එකක් ගිහින් ලයින් එක ඉවර වෙන තැන පොඩි අකුරු දෙකක්..-------VA
මම තව ටිකක් හොදට සපත්තු දෙක දිහ බැලුවා..දෙයියනේ customize කරපු nike දෙකක්..අර තිබ්බේ අයිතිකාරයගේ නම වෙන්න ඇති එහෙනම්..දැන් නම් මට අයිතිකාරයගේ මූනත් බලන්නම ඕනෙ වුනා...සපත්තුදෙක මාව පාස් කරල යන්න කලින් මම ඉක්මනට ඔලුව ඉස්සුවා...අවුවට රතුපාට වෙලා වගේ තිබ්බට ලස්සන පාටක් තිබ්බා ඒ මූණේ..තද කලු පාට දිග ඇස්...දිගට වැටුනු කොන්ඩ කෑලි දෙක තුනකින් නළල වහගෙන තිබ්බා..නළලේ පැත්තක හීරීමක් වහගත්තු පොඩි plaster කෑල්ලක්..ක්‍රීඩා කරලමද කොහෙද ලස්සනට හැදුනු පිරිමි ඇගක්... ලගදි ඉදන් novels කියවනවා වැඩි නිසාද කොහෙද මට මිනිස්සුන්ගේ පොඩි පොඩි details පවා පේන්න අරන් දැන්..
මොනව උනත් කවුද මේ...........මම පුදුම වෙලා බැලුව නිසාමද කොහෙද ඒ ඇස් මගේ දිහාත් බැලුවා..කිසිම හැගීමක් තිබ්බෙ නැති රලු බැල්මක්.. මන් ඉක්මනට ආයේ බිම බලා ගත්තා..."හිත මත් කරන සිතුවිල්ල ඇඩුවා දෝරෙ ගලා
හද ගැලවීලා විසි වීලා යනකන් හාදු ගෙනා"Sokari tik tok Cover by Anjana Kavinda
Link - https://vt.tiktok.com/ZS28CTE7t/
Hii guys...
මේ මගේ පලවෙනි wattpad story එක..
ඒ වගේම පලවෙනි bl story එක....😁
බලමුකො මේ දෙන්නට ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...
දැන ගන්න ආස අය මාත් එක්කම දිගටම ඉන්න........
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."