Chapter 27

236 28 16
                                    

තාමත් ෆෝන් එක රින්ග් වෙනවා........

"අත්තම්මේ......"






"මගේ සුදුපුතා කොහෙද ඉන්නේ....."

"මං තාම කැම්පස් එකේ අත්තම්මේ..... ඇයි අත්තම්මා කෝල් කරේ...."

"ඈ බොලේ, දැන් මගේ සුදුපුතාට කතා කරන්න මට හේතුත් ඕනේද ඈ......"

අත්තම්මා හිනා වෙවී කතා කරා.....
ඒ කටහඩම සැනසීමක්.........

"නෑ ඉතින් නිකන් ඇහුවෙ...."

"පුතා ගෙදර ගිහින් ගන්නකෝ මට කෝල් එකක් එහෙනම්.. දැන් වැඩ ඇතිනේ...."

"නෑ නෑ අත්තම්මේ මට වැඩක් නෑ දැන්....තියන්න එපා...ඔහොම ඉන්න...."

"එහෙමද..... ආන්න ලොකු මහත්තයටත් මාව මතක්වෙලා අද ඇවිත් ගියා මෙහේ අම්මා එක්ක...."

"අම්මලා ආවද?....."

"අයියයි අම්මයි ඇවිත් ගියා...."

"අම්මා මොනවා හරි කිව්වද අත්තම්මේ..."

"එහෙම විශේෂ යමක් කිව්වෙ නෑ පුතේ... මගේ සුදු පුතා කරපු චන්ඩි වැඩ දෙක තුනක් නම් අම්මා මට හොරාට කිව්වා....."

"අත්තම්මේ.................................."

"කියන්න මැනිකේ......"

"මාත් එන්නද අද අත්තම්මව බලන්න.........."

"මගෙ පුතාට ඕනේ වෙලාවක එන්න......."

"අත්තම්මේ......................"

"කියන්න මයෙ අම්මා... එන්න සල්ලි තියෙනවද?"

"සල්ලි තියෙනවා..... අත්තම්මට බැරිද අම්මට කියන්න මම අද ගෙදර එන්නෙ නෑ කියලා...."

අම්මව මතක් උන ගමන් මගෙ ඇස්වලට කදුලු උනනවා මට දැනුනා....  අත්තම්මගෙ කටහඩ ආයෙ ඇහෙනකන් බිම බලාගෙන හිටපු මට බස් හෝල්ට් එකේ බිමට අල්ලා තිබ්බා කොන්ක්‍රීට් කැට බොදවෙලා පේන්න ගත්තා..... මොකද 'අම්මා' කියන්නෙ මට කොහොමත් සංවේදී මාතෘකාවක්.......

"හරි මගෙ සුදු පුතා පරිස්සමෙන් එන්නකෝ... මම නර්මදාට කියන්නම්....."

"හා අත්තම්මේ කියන්න එහෙනම් හොදේ....."

"රෑ වෙන්න කලින් එන්නකො එහෙනම් මම ලලිතා ඇන්ටිට කියලා මාලු ටිකක් හදෝලා තියන්නම්.... රස්නෙන් කන්න එන්න..."

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now