ඇස් දෙක ඇරපු ගමන් මට පෙනුනෙ තනි සුදු පාට උඩුවියනක්....ඇගටත් සීතලක් දැනුනා...පුලුන් ගොඩක ඉන්නවා වගේ.....
"මේක හීනයක්ද, නැත්නම් මම මැරිලද? මම දිව්‍යලෝකෙ ඇවිල්ලද? පාංශුකූලෙ දෙද්දී මොනවාද දන්නේ නෑ කිව්වෙ.."
"බල්ලෝ"
මට කටහඩක් ඇහුනත් ආවෙ කොහෙන්ද කියලා හිතාගන්න බැරි උනා...
"දෙයියනේ දෙයියනේ මං දෙයියන්ගෙ බල්ලද?"
බල්ලා උනත් මොකෝ දෙයියන්ගෙනම්..."බල්ලෝ.."
ඒ පාර නම් දෙයියන්ගෙ සද්දෙ වැඩි උනාද මන්දා....පුරුදුත් නෑ වගේ අප්පා... බලු වැඩ කරලා පුරුදු උනාට බල්ලෙක් වෙලා experience එකක් නෑනෙ......
"බිම බලපන් බල්ලෝ..."
"අඩෝ අඩෝ උබත් දිවියලෝකෙ ආවද.."
"තොට මෝල්ද... තෝ මැරිලත් නෑ.. මං මැරිලත් නෑ... අපි තාම විලා එකේ ඉන්නෙ බල්ලෝ..."
"අනේ..... අපරාදෙ..... මේ එක නෙවෙයි බං, මං ඇත්තටම මැරුනොතින් උබත් වරෙන් හොදේ..... අඩෝ මට උබ නැතුව ඉන්නෙ කොහොමද කියල imagine කරගන්නවත් බෑ බං..."
"තෝ කොහොමද ඊයෙ රෑ මේකට ආවෙ...."
රදීශ් ඇහුවම තමයි මට ඇත්තටම මීටර් උනේ.... මං කොහොමද මේ කාමරේට ආවෙ... හැමෝම ගියාට පස්සෙත් මම ටිකක් වෙලා බීච් එකේ හිටියා මතකයි... විවාන් හිටියා මගේ එහා පැත්තේ මට ලාවට මතකයි.... සින්දුවකුත් කිව්වද මන්දා..... ඒ බීපු හැටියට මෙහෙම හරි හිටගෙන ඉන්න එක ඇති.....
"මට හරියට මතක නෑ බං.. තෝ කොහොමද ආවෙ?"
"මට ඇහැරුනා රෑ එක සැරේට... මම හිටියෙ මෙතන එහාපැත්තෙ කොරිඩෝ එකේ තිබ්බ කාමරේක... ඒකෙත් දහයක් විතර හිටියා.. උබ පේන්න හිටියෙ නැති නිසා මම හොයාගෙන ආවෙ.... තෝ මේ කමරේ තනියම සැපට නිදි..."
"ඉතින් ඇයි උබ බිම නිදාගත්තෙ... ඇදේ නිදාගන්න තිබ්බනෙ...."
"ඇදේ තමයි හු*තෝ නිදාගත්තෙ.... ඒ උනාට මගේ හීනෙ එක එපිසෝඩ් එකක මම මුහුදට පැන්නද කොහෙද බං......"
"හොද වෙලාවට මුහුදට පැන්නෙ වැල්ලෙ රෙන්නෙ නැතුව "
මං දැන් තමයි හරියට කාමරේ දැක්කෙ, ඒකෙ එක තැනක විවාන් එයාගෙ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකකුත් එල්ලාලා තිබ්බා..
මං ඇදෙන් බැහලම ගිහින් ඒක බැලුවා... එතකොට මෙයාද රිහාන් අබේවර්ධන කියන්නෙ.. අපේ තාත්තට වගේ දැක්කම බය හිතෙන පෙනුමක්නම් නෑ.. විවාන්ටත් වඩා ලස්සනයිද මන්දා....
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."