Chapter 6

295 28 0
                                    

රදීශ්ගෙ අයියත් එන්න පරක්කු වෙනව කිව්ව නිසා, රෑට කාලා අපි දෙන්නම රදීශ්ගෙ ඇදේ දිගාවෙලා උඩ බලාගෙන හිටියා....

"කාලෙකින් බන් මම නිදහසේ රෑට කෑවෙ"

"ඒ මොකෝ? ඇයි අනිත් දවස් වල උඹ කතකලි නටනවද රෑට කනකොට"

"විහිලුවට නෙවෙයි බන් ඇත්තටම කිව්වේ..උඹ දන්නෙ නෑ වගේ කතා කරන්න එපා ඉතින්...උඹ හොදටම දන්නවනෙ අපේ ගෙදර හැටි..මම ගෙදර ඉන්නකොට රෑට කනව නෙවෙයි ගිලිනව...මන් ආස නෑ බන් තාත්තා ඉන්න තැන්වල වැඩි වෙලා ඉන්න...ඉතින් මම ඉක්මට කාලා යනව කාමරේට"

"ඇයි ලගදි තව මොකක් හරි අවුලක් දැම්මද?"

"තාම නම් නෑ..ඒත් ලගදිම එකක් වැටෙයි වගේ..."

මම ටිකක් serious tone එකකින් කිව්වම රදීශ් නැගිටල ඇදේ වාඩිත් උනා...මට පාත් වෙන මරාල මොනවගේද කියලා මට පස්සෙ හොදටම දන්නේ රදීශ්

" ඒ කිව්වේ..උබලයි තාත්තා උබට කසාදයක්වත් බලලද?"

"මෙහෙම ගියොත් නම් ඒකත් වෙයි ලගදිම...කසාදයක් නම් බලලා මට නෙවෙයි හැබැ‍යි..එයාගෙ ලොකු පුතාට"

"හුටා ඒ කියන්නෙ උබලයි අයියා ලගදිම ඒවිද බං.."

"ලගදිමත් නෙවෙයී.....හැබැයි තව මාසෙකින් දෙකකින්....අවුරුදු 34කුත් වෙනෝ.. කෙල්ලෙක්වත් සෙට් කරගන්න තෙරෙන්නේ නෑ එලහරකට..ඒ උනාට මහ ලොකුවට පශ්චාත් උපාධියක් කරන්න ගියේ මීහරකා"

"මී හරක් කවද්ද බං පශ්චාත් උපාධි කරේ..මේ මං කියන්නද අයියා ආවම උඹ මෙහෙ වරෙන්...උබ දන්නවද? අපේ ආච්චිත් දවසක් කිව්වා මට මතකයි, උබලයි අයියට කිසිම මනුස්ස පාටක් නෑ,උබේ අයියද කියලවත් හිතාගන්න බෑ කියලා"

"ඒකනේ බං මං කියන්නෙ මම බනින එක සාදාරනයිනෙ.."

"උබ අරන්හදාගන්න ලමයෙක් වෙන්න බැරිද බං"

"මාත් කල්පනා කරා ඒක..ඒත් බං මම අරන්හදාගන්න ලමයෙක් නං අපේ තාත්තා මෙච්චර කල් කන්න බොන්න දීල මං වගේ හරකෙක් නඩත්තු කරයි කියලා උබ හිතනවද..එහෙම නං ගෙනාපු තැනකටම ගිහින් දාලා මෙලහකටත්"

"හ්ම්ම්..ඒකත් ඇත්තනේ..."

"මේ සීයට ඇත්තටම අවුලක් නැතුව ඇති නේ බං...ඇයි දන්නෙ නෑ මෙච්චර පරක්කු..එකොලහටත් ලගයී"

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now