"කියනවකෝ........ ඉතින්... මොකද්ද අහන්න තියෙනවා කිව්වෙ..."
"විශේෂ දෙයක් නෙවෙයි තේව්....
එදා මම කියපු දේවල් ඔයාට මතකද?..""කවද්ද.........."
ලසඤ්ඤා එකත් ඉවරම කරලා දාලා වතුරත් බොන ගමන් මම ඇහුවා.... මූ මෙච්චර මොනවද අගේ කර කර ගහන්නෙ....
"පාසිකුඩා ගිහිපු දවසේ රෑ....."
"ආ! ඔයා මට කැමතී කියපු එකද?.. මතකයි මතකයි....."
අයියෝ මෙයා මේ මේකද මෙච්චර අගේ කර කර අහන්නෙ...
බීලද දන්නෙ නෑ මෙයත් හිටියෙ...."මම එහෙම කෙලින් කිව්වෙ නෑනෙ තේව්.....මම එහෙම කිව්වද.."
"කෙලින් හරි ඇදේට හරි ඒකනේ කිව්වෙ..... ඇත්ත කියනන්, බීල නෙවෙයි නේද කියෙව්වෙ ඒ.....තව මොනවද ගොඩක් දේවල් කිව්වා... අවුරුදු තුනක් ඔ..... "
"ඇති!!! තේව් අර තව ස්නැක්ස් වගයක් ඇති පිටිපස්සෙ කන්න...."
"ඇයි ඇයි ඇයි... ලැජ්ජද..... කියන්න ලැජ්ජ නෑ.. කියපුවා අහන් ඉද්දි ලැජ්ජයි නේ..."
"නෑ එහෙම දෙයක් නෙවෙයි තේව්.... දැන් කට වහගෙන ඉන්නකෝ....."
"අන්න ඒකනේ ඉතින්..... කියපුවට මොකටද ලැජ්ජ වෙන්නෙ ඉතින්..... නැද්ද?..."
"හරි තේව්, ඒ කියන්නෙ මම කියපු එක ඔයාට ඕනෙවටත් වඩා හොදට තේරිලානේ.....
ඔයා මොකද කියන්නෙ ඉතින්... මගේ යෝජනාවට....""මෙහෙමයි විවාන්,....."
යකෝ නම කිව්වා විතරයි මුගෙ බැල්මෙ ඉදන්ම වෙනස් උනානෙ... කියන්න ගිහිපු ඒවත් අමතක උනා ඒ අස්සෙ...
"මෙහෙමයි, ඔයා මකරෙක් මම බූරුවෙක්නෙ... මං හිතන්නෙ නෑ අපේ අම්මලා මේකට කැමති වෙයි කියලා.. ඔයාගෙ තාත්තා උනත් අකමැති වෙන්න පුලුවන්..... දුක් වෙන්න එපා අපිට තව වෙලාව තියෙනවනෙ...."
"මොනවද තේව් කියවන්නෙ.... මම හිතුවෙ ඔයාට වෙරි උනාම විතරයි ඔයාට ඔහොම වෙන්නෙ කියලා...මම සීරියස් ඇහුවෙ.."
තනි අතින් වාහනේ ඩ්රයිව් කරන ගමන් විවාන් අනිත් අතින් මගේ ඔලුවටත් පොඩියට තට්ටුවක් දැම්මා... මූ යකෝ තට්ටුත් දාන්න පටන් අරන්....
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Lãng mạn"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."