නොවැම්බර් ගෙවිලා ගියේ හරියට ඊසාන දිග මෝසම නිසා සැරින් සැරේ ජනේලෙකින් හීනියට කාමරේට ඇවිත් යන හුලං පාරක් වගේ......
අම්මා මට කෑම වගයකුත් හදලා දීලා අත්තම්මව බලලා එන්න කියලා යැව්වා..... දවස් දෙකක් අත්තම්මා එක්ක ඉදලා මම අද ගෙදර ආවෙ හෙට කැම්පස් නිසා.....අත්තම්මා අපේ ගෙදර ආපු අන්තිම දවසේ මොනවා ගැනද කතා කරේ..... මං තාම ඒක හොයනවා..... බැරිම තැන මම ඊයෙ අත්තම්මගෙන් ඇහුවත් අත්තම්මා හරියට විස්තරයක් කිව්වෙ නෑ..... වද දිදී අහලා වැඩක් නෑනෙ කියන්නෙ නැත්තම්..... අනික මට නරකක් වෙන දෙයක් එයාලා කරන්නෙ නෑනෙ.....
සමහර විට හරි කාලෙ ආවම කියයි..... ඔන්න ඔහේ ඉන්නවා එතකන්........ එදායින් පස්සෙ ගෙදරත් ලොකු වෙනසක් තිබ්බෙ නෑ.... හැමදේම සාමාන්‍ය විදියටම උනා..........අද නම් වෙනදට වඩා ගොඩක් ලොකු පීඩනයක් අන්තිම ලෙක්චර් එකත් ඉවර උනාම දැනුනෙ......
ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ සබ්මිශන් වලට හරියටම සති හයක් වගේ තියෙන්නෙ........
ජනවාරි දෙවෙනි සතියෙ ප්‍රොජෙක්ට් එකේ සබ්මිශන් ඉවර උන ගමන් අන්තිම සතිය වෙද්දි ෆයිනල් exam පටන් ගන්නවා....... පෙබරවාරි මැදක් වෙද්දි අවුරුදු හතරක කැම්පස් ජීවිතෙත් ඉවර වෙනවා එහෙනම්.........
" මට දැන් නම් දුවන්න හිතෙනවා බන් සේරම අත ඇරලා දාලා...."
සෙට් එකේ ඉන්න පොසිටිව්ම එකා දිහේන්... ඌත් මෙහෙම කියනවනම් අපි ගැන කවර කතාද.....
"ඇයි උබට විතරද...same here bro same here.....ඉස්සර මිනිස්සුන හිස හැරුන හැරුන අතේ දුවන්න හිතෙනවා කිව්වම මම හිනාත් උනත් එක්ක බන්...."
නගර සභාව වගේ බෑග් එක ඇතුලට අත දාගෙන campus id එක හොයන ගමන් රදීශ් කිව්වා......
" දෙසැම්බර් මෙහෙම පටන් ගනිවි කියලා මම හිතුවෙත් නෑ බන් "
රදීශ්ට id එක හොයාගන්න උදව් වෙන ගමන් මාත් කිව්වා.... ඇත්තටම දෙසැම්බර් මගෙ ආසම මාසෙ..... මේ වැඩ ටික ඉවර කරන්න නම් මට දෙසැම්බර් වලට දවස් හැටක් වත් ඕනේ වෙයි....
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."