"නැගිටපන් දිහේන්.... ඕයී ලෙක්චර් එක ඉවරයි යමු කන්න...."
"තේව් වරෙන් ඕක පස්සෙ කරමු... කාලා ඉමු.. බඩගිනී......ඔයී.."
"අඩෝ වයි බන් එකෙක්වත් මන් කියන එක අහන්නෙ නැත්තෙ යමුකො බන්..."
"තොපි අද කන්නෙ නැද්ද... මන් යනවා යන්න කන්න...."
රදීශ් කියවලා කියවලා බැරිම තැන බෑග් එකත් අරන් එලියට යන්න හැදුවම තමයි අපිත් එකා එකා යන්න ලෑස්ති උනේ...
"අද කවුරු හරි දවල්ට කෑම ගෙනාවද...."
සෙනාරා අඩුම කුඩුම ටික බෑග් එකට පුරවගන්න ගමන් ඇහුවේ..."නැතෝ... අද කොත්තුවක් ඕනේ......"
මම බෑග් එකත් අරන් රදීශ් හිටපු තැනට ගියා..."යමන් ඉතින්... තවත් ඉන්නෙ.."
"මමද මෙච්චර වෙලා ලත උනේ.... තොපි ටිකනේ.... යමු දැන්වත්...."
අම්මෝ රදීශ්ට දැන් ඉස්සරටත් වඩා තරහා යනවනේ... මුට මක් වෙලාද....
"හරි හරි යං ඉතින්....."
"මේ සිත්මත් මැසේජ් එකක් දාලා, එයාලා කැන්ටින් එකේලු අපිටත් එක්ක ලොකු ටේබල් එකක් අල්ලගෙන ඉන්නවා කියලා ඉක්මනට එන්නලු.."
කුණු කෙලත් පිහිදන ගමන් ෆෝන් එක දිහා බලාගෙන දිහේන් කියෙව්වා..
"ආ... අද එයාලට ලෙක්චර්ස් තිබිලද..... ලයි......... මගේ ලැප් එකත් ගන්නකෝ.... අද මගේ බෑග් එක බරයි......"
සෙනාරා ලයිලට ඒකිගෙ බර පටවන ගමන් මමයි රදීශුයි හිටගෙන හිටපු ලෙක්චර් හෝල් එකේ දොර පැත්තට ඇවිදගෙන ආවා....
කොහොමත් දැන් සතියක වගේ ඉදන්ම සිත්මලා අපි දෙගොල්ලොම කැම්පස් එන දවස් වලදි ගොඩක් වෙලාවට දවල් ඉන්ටර්වල් දෙකේදිම වගේ එකට තමයි හිටියේ...... කොහෙද අපේ පැහැසිට එයාගෙ පැරිස් කුමාරවරු ටික නැතුව දැන් කැවෙන්නෙත් නෑ වගේනෙ....
"නෑ නෑ ඕනෙ නෑ... අද අපි වලේ කැන්ටින් එකෙන් කමු... ඇයි යකෝ අපි මෙච්චරකල් කෑවෙත් උන් එක්කද.. ඒ උනාට අපිට කැවුනනෙ හොදට.... මං එන්නෙ නෑ උන් එක්ක කන්න... උබලා යන්න ඕනෙත් නෑ...."
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romantik"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."