"කට්ටිය එන්නෝ මේකත් ඉවර කරලම යමූ....."
මහන්සී මහන්සී කියල බැලුවෙ නැතුව හැමදේම ඉවර වෙලා ස්ටේජ් එකයි ඔඩිටෝරියම් එකයිත් අපි සුද්ද කරන්න ගත්තා.....අස් කරන්න නම් ගොඩක් දේවල් තිබ්බා......ආදර්ශමත් අවසන් වසර සිසුන් විදියට පොඩි උන්ට පේන්න මේවත් කරන්න එපැයි.........
මම නම් ඔය කොලයක් දෙකක් අහුල අහුල පොඩ්ඩක් අයිස් ගහ ගහ හිටියා.....ඇයි අප්පා ඒ නටපු නැටිලි වලට මුලු ඇගම රිදෙනවා....ගුටි කාලා වගේ හරියට.....
"අඩෝ මට බෑ....අම්මෝ.....අම්මේ..... මගේ තුනටිය හයටිය වෙලා වගේ යකෝ......."
රදීශ් අතේ තිබුන මෙච්චර වෙලා අපි දෙන්නා කුණු එකතු කරපු බෑග් එකත් පැත්තකින් තියලා බිම දිගා උනා.......
"උබේ හයටියක් වෙලා බේරුනානේ.. මගේ නවටිය වෙලා යකෝ...."
මාත් එහෙම්මම රදීශ්ට එහා පැත්තෙන් බිම දිගා උනා......
"උබලා දෙන්නට දීපු පොඩි වැඩේවත් කරන්න බැරිද? "
අපි දෙන්න නැගිට්ට නෙවෙයි, හිට්ටවුනා අපේ ලොකු අයියගෙ සද්දෙට......ආයෙමත් මුකුත් නොවුනු ගානට අපි දෙන්නා සීට් අස්සවල් වල තිබ්බ කුණු හොයන්න ගත්තා......කුණු එකතු කරන වැඩක්ම තමයි කොහේ ගියත් සෙට් වෙන්නෙ.......මේ ශර්වානියකුත් පටල ගෙන....රෙද්ද.....ඒ උනාට මේ ඇදුමට නම් මම ඇත්තටම ආසයි.....
"ඇයි බන් අපි දෙන්නා විතරක් උට බය වෙන්නෙ...වෙන උන් මූව ගනන් ගන්නෙවත් නෑනෙ.. "
මම රදීශ්ගෙන් ඇහුවා..
"ඒක හින්ද තමයි බන් අපි දෙන්නටම කෑගහන්නේ......"
"ඉතින් අපි දෙන්නත් ගනන් ගන්නෙ නැතුව ඉමුකෝ...... "
"තොට දත් නැතුව බත් කන්න ආසාවක් තියෙනවනම් ගනන් ගන්නෙ නැතුව හිටපන්......අනේ මේ ගොන් කතා නවත්තලා ඔන්න ඕව අහුලපන් රෙද්ද..."
රදීශ් මාව ගනන් ගන්නෙ නැතුව ආපහු කුණු හොයන්න ගත්තා.....
"වැඩ ඉවර කට්ටිය එලියට යන්නෝ....මෙක වහන්න ඕනෙ කිව්වා......ඕවා ටික එකතු කරලා බෑග් එක පිටිපස්සෙ කොරිඩෝවෙන් තියන්න තේව්...."
එශාන් අපිට කියාගෙන ගියා...
"ඕකෙ කුදසායී...."
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."