Chapter 11

263 29 1
                                    

exam ඉවර වෙලා සති දෙකක් නිවාඩු උනත් අපිට ඊට පස්සෙ දවසෙම ආයෙ කැම්පස් එකට එන්න උනා.....

"සද්ද කරන් එපා..අහගනින්...මම තොපිට කියන්නෙ නෑ ආයේ.... කටවල් වහගෙන අහගනින්...."

අපේ රෙපා කෑ ගහන්න ගත්තා...කැම්පස් වල බැජ් එකක රෙපා කියන්නෙ ඉතින් ස්කෝලෙ කාලෙ පන්ති නායකයා වගේ චරිතයක් තමයි....

අපේ රෙපා ඒශාන්...ඇත්තටම ඌ අපේ රෙපා උනේ අපේ පිනකට...ඒශාන් පට්ටම හොද චරිතයක්...ඕනෙම එකෙක්ට උදව්වක් ඕනෙ උනොත් ඉස්සෙල්ල අහන්නෙ ඒශාන්ගෙන් තමයි..පොර බොක්කෙ තියෙන දේ උනත් දෙනවා..assignments එහෙම late submission වැටෙන උන්ව බේර ගන්නේ, ලොකු ප්‍රොජෙක්ට් වලදි මගදි වැටෙන උන්ව ඇදන් යන්නෙ එශාන් තමයි..ඒශාන් ඇත්තටම අපේ බැජ් එකේ වැඩිමල්ම එකා.. පොර මට වඩා නම් අවුරුදු තුනක්ම වැඩිමල්...
බැජ් එකෙ කිසිම එකෙක්ට කොන් වෙලා ඉන්න දෙන්නෙ නෑ..බැජ් එකම එකා වගේ ඉස්සරහට ඇදන් යන්නෙ පොර තමයි..පොරගෙ ඇගේ සයිස් එකත් හැබැයි උගෙ වැඩ වගේ තමයි..sports meet කාලෙට නම් පොර නොකරන ගේම් එකක් නෑ..හැබයි ඌ පොඩි කාලේ ඉදන්ම රග්බි තමයි හොදාටම කරලා තියෙන්නෙ........ඒකනේ කැම්පස් එන්නත් ටිකක් පරක්කු වෙලා තියෙන්නෙ....

ඇත්තටම අද අපි ආවෙ වෙන වැඩකට, වෙන වැඩකට කිව්වෙ අපේ faculty එකේ, ඒ කිව්වෙ computer facutly එකේ හැම අවුරුද්දෙම කරන function එකක් තියෙනවා...
මේ function එක කරන්නෙ සාමන්‍යයෙන් අපේ faculty එකේ හැම ඩිග්‍රි එකකම වගේ final year ඉන්න ලමයි...
Software, Data science, Computer Science, networks, BA, Computer Security මෙකී නොකී ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් දහයකම ලමයි මේ function එක කරන්න එකතු වෙනවා....

ඩිග්‍රි එකක අන්තිම අවුරුද්ද කියන්නෙ කවුරු කොහොම කිව්වත් ගෙවන්න හරිම අමාරු කාලයක්...අන්තිම අවුරුද්දේ මැදක් වගේ යනකොට සාමාන්‍යයෙන් කායිකව වගේම මානසිකවත් ට්‍රැක් පැනලා ඉන්නේ...මේ වගේ කාලෙක මෙහෙම function එකක් කරන එකෙන් තවත් වැඩවල හිරවෙනවනේ කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්....
ඒත් ඒක ඇත්තටම එහෙම නෙවෙයී...අපි මේක කරන්නෙ පුදුම ආසාවකින්...යාලුවො එකතු වෙලා සින්දු කියන්න ප්‍රැක්ටිස් කරනවා, නටන්න ප්‍රැක්ටිස් කරනවා...ලොකු function එකක් organize කරනවා කියන එක හරිම වචනෙන් කියනවනම් පට්ට්ටම ආතල් වැඩක්.......
ඒක අපි හැමෝගෙම මානසික සතුටට ගොඩක් හේතු වුනා.....
ඒක නිසාම තමයිලු මෙහෙම දෙයක් මීට අවුරුදු පහකට විතර කලින් පටන් අරන් තියෙන්නෙ....
අන්තිම අවුරුදුවල ලැප් එකේ, computer එකේ ස්ක්‍රීන් එකට හිර වෙලා ඉන්න අපි වගේ ලමයිට ඒ ලෝකෙන් ටිකකට මිදෙන්න මෙහෙම දෙයක් තියෙන එක ඇත්තටම ගොඩක් වටිනවා...

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now