Chapter 17

225 22 5
                                    

Roothi ae sabte rabba
Rabba dil bhi hai rootha
Sab kuch hai bikhra bikhra
Bikhra sa rootha rootha

Chup mahi chup hai ranjha
Bole kaise ve na jaa
Bole kaise ve na jaa, aaja aaja

පැහැසියි මමයි දැහැනට සම වැදිලා වගේ තාලෙට අඩි තිබ්බා.....ඇයි මේ සිංදුව මට අද මෙච්චර ලස්සනට ඇහෙන්නේ.....මුලු ඔඩිටෝරියම් එකම නිශ්ශබ්දයි....අපි දෙන්නයි වේදිකාවයි ඇරෙන්න....සද්දෙන් දාපු ඒ ලස්සන හින්දි සින්දුවට අමුතුම දෝංකාරයක් ඔඩිටෝරියම් එකත් එකතු කරා......සෛලයක් සෛලයක් ගානේ මට ඒ සින්දුව දැනෙනවා වගේ....මම නැටුවෙ නෑ මට ඉබේටම වගේ නැටවුනා.........

Bole kaise ve na jaa
Bole kaise ve na jaa
Chup maahi chup hai ranjha, aaja aaja

අනිත් අයත් ටික ටික අපිට පිටිපස්සෙන් එකතු උනා..........ඊලගට තියෙන්නේ මැද ඉන්න ටික දෙනෙක් රවුමක් හැදිලා නටද්දී අනිත් අය එයාලට එලියෙන් තව රවුමක් හැදිලා නටන්න.....රවුමට යනගමන් දෙගොල්ලොම දෙපැත්තට කැරෙකෙන පංජාබ් ස්ටයිල් ස්ටෙප් එකකුත් තියෙනවා....

අපි හැමෝම හිනාවීගෙනම ඒ ස්ටෙප් එක කරන්න එකතු උනා.....හැමදාම හැමෝටම මෙහෙම හිනාවෙලා ඉන්න තියෙනවනම්....මේ මොහොත වෙන කොට අපි තිස්දෙකම ස්ටේජ් එකේ නටනවා....මට මොහොතකට,  කාලය යන එක මෙතනින් නවතිනවනම් කියලා හිතුනා.......

Ve mera dola ni aaya dola
Ve mera dola ni aaya dola
Ve mera dola ni aaya dola
Ve mera dola ni aaya dola

අපි එකටම අඩි තියතිය හදාගත්තු රවුම වටේ වටයක් ගියා......එලියෙ හිටපු රවුම ඇතුලට එද්දී අපි එහෙම්මම එලියෙ රවුම හදාගත්තා......

සංගීතය කියන්නෙ විශ්ව භාාෂාව කියලා මිනිස්සු කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි එහෙනම්.......භාෂාව මොකක් උනත් කියන්නෙ කවුරු උනත් සින්දු මෙච්චරටම දැනෙන්න හේතුව ඒක වෙන්න ඇති....ඒක නිසාම වෙන්න ඇති ආදරේ ගැන ලියපු වෙන භෂාවක සින්දුවකින් පවා ආදරේ මෙච්චර දැනෙන්නේ.......කවදාවත් විදලා නැති ඒ ආදරේ කොහොමද මෙහෙම එක සින්දුවකින් දැනෙන්නේ........

සින්දුවට දෙවෙනි වෙන්නෙ නැතුව ලස්සනට ගලාගෙන ගිය අපේ නැටුමේ ඊලග ස්ටෙප් එකට අපි හැමෝම ඔඩිටෝරියම් එක පැත්තට කැරකුනා..... මේ පොඩි වෙලාවට මගෙ ඔලුවෙ ගොඩක් ගොඩාක් දේවල් ලිය උනා.........එත් එක්කම ඇග හිරි වැටෙන පිරිමි කටහඩකින් සින්දුවේ ඊලග පද පේලි වේගවත් උනා....

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now