Chapter 20

288 23 11
                                    


"කාලා ඉවරද?"

"හම්ම්......."

ගෙදර ආපු වෙලාවෙ ඉදන් මගෙ ඔලුවෙ වැඩ කරේ එක දෙයයි.....විවාන් මොනවද අපේ පාරෙ කරේ....මම දන්න තරමට මේ පාරෙ අලුතින් ගෙයක්වත් හදන්නෙ නෑ...කුලියට දෙන ගෙවල්වලත් මේ දවස් වල මිනිස්සු ඉන්නවනේ....අනික ප්‍රවීනා අක්කලගෙ ගෙදරින් මේ පාර ඉවරත් එක්ක.....
උපරිම උනොත් ගෙවල් විස්සක් ඇති මුලු පාරටම.....කවුද යකෝ මම නොදන්න විවාන් දන්න එකා මේ පාරෙ.....

මම කාපු පිගානත් හෝදලා තියලා අම්මට කුස්සිය අස් කරලා දාන්න උදව් කරා.....

"අම්මේ මම එනකොට මලලසේකර හිටියා ගේට් එක ලග......කන්න දුන්නද රෑට එයාලාට අම්මේ...."

"ඔව් ඔව් හොදටම කාලා ඉන්නෙ....ඩග්ලස්ට වඩා කෑවා උන් තුන්දෙනා... පවු අප්පා අර ප්‍රේමදාසද මොකාද පූසා චූටි.....කලු එක්කෙනා..."

"ඇයි අම්මේ ප්‍රේමදාසට මක් වෙලාද...අද උදේ හිටියෙත් නෑ තමයි...."

"කකුල තුවාල කරගෙන..මොකකට හරි කපාගෙන....මන් ඒ ගමන අර ඩග්ලස්ගෙ තුවාල වලට දාන බෙහෙත් එකෙන් ගෑවා.....සද්දයක්වත් නැතුව හිටියා අනේ.."

"ප්‍රේමදාස තමයි කොහොමත් අහිංසකම.."


"ඔය යනවද අර පලතුරු කපලා ඇති ෆ්‍රිජ් එකේ... කාලම යන්න ඒ ටිකත්...."

මගේ වැඩ ටික ඉවරවෙලා උඩට යන්න හදද්දී අපේ අම්මා මට ආයෙම කතා කරා....

"පලතුරු මොකටද මෙයාට නර්මදා....හොද දේවල් කාලා පුරුද්දක් නෑනේ....ජරාවක් දෙන්නකෝ කන හැටි බලන්න"

ඔන්න පටන් ගත්තා......දැන් ඉතින් බණ අහනගමන් ගිලපන්කො ගස්ලබු........

"ඔයාටත් ගේන්නද පලතුරු ටිකක් දේව්...."

"එපා....මං කෑවා කන්න කලින්..."

අපේ තාත්තගෙ නම දේවාශ්, දේවාශ් ගෞරව් සිල්වා.....අම්මා ආදරෙට කියන්නෙ දේව් කියලා.....

ඇත්තටම නමට ගැලපෙනම රූපයක් අපේ තාත්තට තිබ්බා.....කට හොද නැති උනාට තාත්තා ඇත්තටම හරි ලස්සනයි.....මම දැකලා තියෙනවා කීල්ස් එකෙදී පවා තාමත් අක්කලා ඇන්ටිලා හැරිලත් බලනවා තාත්තා දිහා......අම්මා කියන විදියට කැම්පස් එකේ ඒ කාලෙ හිටපු ලස්සනම පිරිමි ලමයා තාත්තලු....අම්මගෙ ෆැකල්ටි එකේ ලමයි පවා ඉස්ස‍ර presentations එහෙම තියෙන දවස්වලට තාත්තලගෙ ලෙක්චර්  හෝල්වල පිටිපස්සෙන් ගිහින් වාඩිවෙලා අහන් ඉන්නවලු.....තාත්තගෙ කටහඩ ඒ දවස් වල කැම්පස් එකේ ගෑණු ළම‍යි අහන් ඉදලා තියෙන්නේ වශිවෙලා වගේ.........
මට විතරද එතකොට මේ හෙන ගහනවා වගේ ඇහෙන්නේ.......

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now