"පොඩ්ඩක් එහෙට වෙයන්කෝ මට පේන්නෙ නෑ....ඔය ඔලු ගෙඩිය ගනින් අහකට"
මට උඩින් පඩියෙ ඉන්න එකෙක් දිහේන්ගෙ ඔලුව පැත්තකට කරා....
"එතකොට මට පේන්නෙ නෑ යකෝ...."
"ඕක පොඩ්ඩක් උස්සපන් ලයිලෝ අපිටත් පේන්න...."
"අඩෝ ඕක පොඩ්ඩක් යවපන්කො ඉස්සරහට මට ඒකෙ පාට ඉක්මනට බලන්න ඕනේ"
"නිකන් හිටපන්, බලපන් ඔහොම.....පෙන දදා හෝදන ටිකේ තමයි ලල් එක තියෙන්නේ"
"මාත් ලොකු වෙලා කාපට් හෝදන චැනල් එකක් දානවා"
ඒක නම් කිව්වෙ මගෙ දෙල්බූරුවා....
"උබේ තව කොහෙද ලොකු වෙන්නෙ තියෙන්නෙ රදීශ්"
පැහැසිත් කතාවට එකතු උනා....
"කටවල් වහගෙන බලපල්ලකෝ....කෝ අර ගෙනාපු බයිට් පැකට් එක"
ඒ ගමන තව එකෙක්....අපිට මේ කාපට් එක හෝදන ටික්ටොක් එක නිදහසේ බලන්න දෙන්නෙම නෑ මුන්......උදේ රියසල් ඉවරවෙලා තවත් වැඩ දාහක් ඉතුරු වෙලා තියෙද්දිත් අනේ ඇස්වහක් නම් වදින්න එපා අපේ බැජ් එකම වගේ ස්ටේජ් එකේ එක පැත්තක පඩි ටිකේ වාඩිවෙලා පහලම පඩියෙ ඉන්න ලයිලයෙ ෆෝන් එකෙන් කොහෙවත් තියෙන කුණුපාට කාපට් හෝදන විඩියෝ බලනවා......
"ඔය බයිට් එක එවහන් අපිටත් කන්න තේව් තොට තනියම කන්න නෙවෙයි ගෙනාවෙ....."
"ඉදා කාපන්...කාලා මැරියන්....."
මම වෙනුරට බයිට් එක දුන්නා...මොනවා නැතත් ඒ නිර්ණාමික බයිට් එක නම් පට්ට රසයි.....මාස කීයක් පරණ තෙල් එකකින්ද දන්නෙ නෑ බැද්දෙ.....
අපේ තාත්තා ගෙදරට බයිට් ගේන්න දෙන්නෙ නෑ පරණ තෙල් වලින් බදිනවා කියලා...අනේ තාත්තා දන්නවනම් මම කන කෑම......මට තවත් මූව හදන්න බෑ නර්මදා....තව හුරුතල් කරන්න ඕකව........මේකා මැරෙන්නෙ දවසක ජරාව කාලා..........කියයි.....
එක දවසක් අපේ තාත්තා කලින් ගෙදර ආපු දවසක මාව අතේ මාටිටු උනා, හන්දියේ අලුතෙන් දාපු සීයෙ කඩෙන් පොට් එකේ දාපු කොත්තුවක් කනවා...ඒකත් පාරේ හිටගෙන....පෝලිමේ ඉදල ඉදලා පොට් එක අරගෙන පලවෙනි කට කන්න හැදුවා විතරයි තාත්තගෙ වාහනේ මාව පාස් කරගෙන ගියා.....අනේ.....මහාචාර්‍ය මහත්තයගෙ පොඩි පුතා හන්දියේ හිටගෙන පොඩි මුට්ටියක කොත්තුවක් කනවා.....
මං කන හැටි අපේ තාත්තා අරෙන්න මුලු පළාතම වගේ දන්නවා.....
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romantizm"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."