⭕මේ කතාව ඕතර්ගෙ හිතේ ලියවුන කතාවක් මිසක් කතාවෙ එන කිසිම සිදුවීමක් අදාල කලාකරුවන්ගේ ඇත්ත ජීවිතවලට සම්බන්ධ දේවල් නෙවේ. මගේ කතාව හරහා කවුරුහරි අපහසුතාවයට පත් වෙනව නම් , කාටහරි අපහාසයක් වෙනවනම් හෝ කිසියම් වැරැද්දක් වෙනව නම් සමාවෙන්න. නිකන්ම fan fiction එකක් විතරයි ⭕🥴
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
"හියුන්ග්.... "
Jungkook එයාගෙ පහලොස් හැවිරිදි අය්යගෙ ශර්ට් එකේ කෙලවරකින් අදින්න ගත්තෙ ඇස් දෙක බෝල ගෙඩි කරන්. ඒ බැල්මෙ තිබුනෙ ලොකු ප්රශ්නයක් කියලා එයාගෙ හියුන්ග් වුන namjoonට තේරුනා වගේම දැන් තමන්ගෙ මල්ලි අහන්න යන ඒ ප්රශ්නෙ මොකක්ද කියලත් දැනන් හිටියා. වචන තුන හතරක ප්රශ්නයක් වුනාට ඒක උත්තර දෙන්න අමාරු ප්රශ්නයක් වේවි.
"කුකී... "
"හියුන්ග්.. ඔම්මා ඇයි නැගිතින්නෙ නැත්තෙ..."
හිතුවා වගේම නම්ජුන් උත්තර නැතුව ගොලු වුනා. 'ඔම්මා අපිව දාලා යන්න ගියා කුකී... මන් ඔයාට එහෙම කිව්වොත් ඔයාට තේරුන්ගන්න පුලුවන්ද .... ඔය පොඩි වයසට මැරෙනවා කියන්නෙ මොකක්ද කියලවත් ඔයා දන්නවද කුකී...'
නම්ජුන් හිතුවා. හිතලා හිතලා මේ ලෝකෙ සිහියට ආවෙ ආයෙත් ජන්ග්කුක් එයාගෙ අතින් අදින්න ගත්ත නිසා.
"හියුන්ග්.... අනේ... මට ඔම්මා ඕනෙ.. නැගිතින්න කීන්නකො... ඇයි මේ.. මිනිස්සු ගොදක්.. අපේ ගෙදර එම්නේ.. හියූන්න්ග්ග්... අනේ.. ඔම්මා ඕනේ..."
"කුකී.. එන්න.. අපි අරෙහෙට යන්.. "
කුකීව වඩාගත්ත නම්ජුන් මළගෙදරට ආව මිනිස්සු අඩු තැනකට ගියේ කොහොමහරි මල්ලිට මේව පැහැදිලි කරන්න ඕනෙ නිසා.
"හ්ම්... ජන්ග්කුකී... "
හොද හුස්මක් අරන් නම්ජුන් කතා කරේ ජන්ග්කුක්ව පුටුවක් උඩින් ඉන්දලා ඒලගින්ම බිම දනගහගන්න ගමන්.
"හියුන්... ඔම්මට නැගිටින්න කියන්න...මත බඩගිනී..."
චූටි කුකී හොදටම අඩන්න ගත්තා.
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...