66

187 45 22
                                    

Jungkook's pov

හෝසොක් හියුන්ග් මාව කොහොම ගෙදර එක්කන් ආවද කියලා මට මතකයක් තිබ්බෙ නෑ. හැමදාම වගෙ මගේ අප්පා කියන මනුස්සයව දැක්කම මන් අදත් දුර්වලයෙක් වගෙ සිහිනැතුව වැටිලා .

"හියුන්ග්... "
ඇස් දෙක ඇරිය ගමන් මන් පුරුද්දට වගේ හියුන්ග් ව ඇහුවා.

"හියුන්ග් ඔෆීස් ගිහින් කුකී.. "

"නූනා.. හෝසොක් හියුන්ග් ?"

"ම්.. එයා ඉන්නවා.. ඔයාට කතා කරන්න ඕනෙද. "

මන් මුකුත් කියන්නත් කලින් නූනා නැගිටලා ගියෙ හෝසොක් හියුන්ග් ට කතා කරන්න කියලා මන් හිතාගත්තා.

"කුක්.. ඇයි? "

"අහ්.. නිකන්. හි.යුන්ග්.. "

" ඔයා නිතරම මෙහෙම වෙනවානෙ දැන්.. අපි ටෙස්ට් වගයක් කරල බලමුද.. "

"ඕනා නෑ හියුන්ග් . ඒ නිකන්.. අනේ මන්දා මෙතන.. රිදෙනවා.. එයාව දකින හැම වෙලේම මට මතක් වෙනවා ඔම්මායි මායි එදා- "

මන් කියාගෙන එද්දි හොසොක් හියුන්ග් මගෙ කටට ඇගිල්ල තිබ්බෙ කියන්න එපා කියන්න වගේ.

"ආයෙ මතක් කරන්න එපා ඉතින් . ඒව නරක මතකයන් . මන් ආයෙත් ඔයාට එයාව මුනගැහෙන්න දෙන්නෑ. ඔයාට මොකුත් වෙන්නෑ එතකොට.. "

"ඔයා කොහොමද කරන්නෙ හෝසොක් හියුන්ග් ... එයා මගෙ අප්පාලුනෙ.. ඔයා කොහොමද එයා මගෙ ළගට එන එක නවත්තන්නෙ.. "

"ඔයා පොඩි බබෙක් නෙවේ. එයාට බෑ ඔයාව බලෙන් ලං කරගන්න. අහ්.. දනන්වද.. ඔයාට අනිද්දට පෆෝම් කරන්න පුලුවන් මියුසික් බෑන්ක් ප්‍රෝග්‍රෑම් එකේ.."

හෝසොක් හියුන්ග් හිනාවෙවී කිව්වත් මට ඒකට මහලොකු සතුටක් දැනුනෙ නෑ. දැන් මට ෆෑන්ස්ලා කියලා කට්ටියකුත් නැතුව ඇති කියලා මන් හිත හදාගෙන හිටියෙ. ඒත් මගෙ හිතේ පොඩියට හරි බලාපොරොත්තු තිබ්බා.

ඒවුනත් කම්පනි එක කියන විදියට වැඩ කරන්න වෙන නිසා මන් එදා පෆෝම් කරන්න ගියා. දවස් ගානකට පස්සෙ ස්ටේජ් එකට නඟිද්දි වෙනද තියන ඕඩියන්ස් එකම බලාපොරොත්තු වුන එක මගෙ මෝඩකම . මන් බලාපොරොත්තු වුනා වෙනද වගෙ ලයිට්ස්ටික් ගොඩක්. වෙනද වගෙ චියර් සවුන්ඩ් එක ෆෑන්ස්ලගෙ. වෙනද වගේ මගෙ නම එයාලා ගිරිය යටින් කෑ ගහයි කියලා.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now