58

225 42 13
                                    

Namjoon's pov

"නම්ජුනා.. තමුසෙට කුක්ව බලාගන්න බැරිනම් දීහන් මට.... මොකක්ද මේකෙ තේරුම.. ගහලා හදන්න උබ හිතන් ඉන්නෙ එයා තාම අවුරුදු පහලවෙ කොල්ලා කියලද... උබ දන්නවා උබට කලින් එයා මගේ කියලා.. "

හෝසොක් මට කෝල් කරලා බැනගෙන යද්දි මන් හිතාගත්තා එයා කොහොමහරි කුකී අප්පාගෙන් ගුටිකාපු පාරවල් දකින්න ඇති කියලා . හෝසොක් ව මගෙ උදව්වට තියාගත්ත එක මගෙ ලොකු මෝඩකමක් වගේ මට සැරින් සැරේ දැනෙන්න ගත්තෙ හෝසොක් ගොඩක් සැරයක් කුකී කියන්නෙ එයාගෙ ලේ කියලා මට මතක් කරන නිසා. එයාලගෙ අප්පා මදිවට තව කෙනෙක් කුකීට අයිතිවාසිකම් කියාගෙන එද්දි මන් බයවුනා ගොඩක්.

"හොබී... හැම වෙලේම.. කුකී උබේ සහෝදරයා කියලා මට මතක් කරන එක නවත්තන්න ... උබට මට රිද්දන්න ඕනෙ බව මන් දන්නවා... ඇයි කුක් වෙනුවෙන් මෙහෙම රන්ඩු වෙන්නෙ .. කොහොමත් එයා දැන් ලොකුයි.. එයා තනියම ජීවිතේ ගෙනියයි.. "

"යාහ්........ එහෙනම් කොල්ලට ගැහුවෙ මොකටද... "

"ක.. කවුද. අහ්... අහ්.. ඒක .. අප්පා ඉද්දි එයා ඕන්නැති කතාවක් කියන්න ඇති ... ඒකයි.. හොබී ඔයා දන්නවා කුකී ගැන.. අප්පා නිකන් දඬුවම් කරන්නෑ හොබී... මන් එවෙලෙ හිටියා නම් ගුටිකන්න දෙන්නෑ.. මෙච්චර කාලයක් හැම එකටම එයා වෙනුවට ගුටිකෑවෙ මමයි අප්පාගෙන්.. "

"මන් දන්නවා... මට දුක හිතුනා.. මට කේන්ති ගියා ඒක දැක්කම. අන්කල්ට කියන්න ගහන්න එපා කියලා. අනිත් එක.... මෙහෙ අය දැක්කා නම්..  අපි දන්නෑ මේ කම්පැනි එක ඇතුලෙ ඉන්න අය ඇත්තටම කවුද කියලා.. මන් කියන්නෙ... අපිට ජේයොන්ව නිකන් අමතක කරන්න බෑ.. "

"ඒ උබේ අප්පා.. "

"මට ලැජ්ජයි.... අප්පා කියලා කතා කරන්න.. "

"හ්ම්හ්.. කුකී දැනගත්තොත් එයා කොහොම හැසිරෙයිද හොබී. "

"එයා... දැනගන්නෑ.. බය වෙන්න එපා.. මන් එයාව උබෙන් උදුරගන්නෑ... එයාව අප්පා- ජේයොන්ට අයිති වෙන්න දෙන්නෙත් නෑ.. කාටවත් අයිති වෙන්න... කුක් සෙල්ලම් බඩුවක් නෙවේ.. "

කුක් සෙල්ලම් බඩුවක් නෙවේ. ඒත් එක පැත්තකින් මන් හදන්නෙත් එයාව සෙල්ලම් බඩුවක් වගේ මගේ කරන් ලග තියාගන්න. මන් ලෝබයි කුකීට. ඒවගේම මට බෑ එයාට දුක් විඳින්න දෙන්න. මන් කැමති නෑ එයා මේ ජීවත් වෙන්නෙ ලොකු බොරුවක කියලා එයාට දැනගන්න දීලා එයාට දුක හිතවන්න. මන් එයාගෙ ඇත්තම හියුන්ග් , මගෙ අප්පා එයාගෙම අප්පා කියන බොරුව ඒ විදියටම තියන තාක් කුකී සතුටින් ඉඳීවි.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now