51

203 43 4
                                    

Namjoon's pov

එදා මන් කලින් ගෙදර ගියෙ ජින් හියුන්ග් ගෙ කන් කරච්චලේ නිසා.

"මොකද්ද නම්ජුන් මේකෙ තේරුම.. මන් ඔයාට කවදාවත් ඕනවට වඩා වැඩ පවරලා නෑ . මෙහෙම රෑ තිස්සෙ වැඩ කරන්න තරම්... "

එදා හියුන්ග් මගෙ කැබින් එකට ඇවිල්ලා කිව්වෙ මන් සාමාන්‍යයෙන් අනික් හැමෝම ගෙදර යන වෙලාවත් පහුවෙලා තවත් වැඩ කර කර ඉඳපු නිසා.

"ඔව්.... හියුන්ග් . ඒත්.. මමයි මේවා ගොඩගහගත්තෙ... මියානෙ.. හියුන්ග් ගෙ වරදක් නෙවේ.. "

"ඔව් .. මගෙ වරදක් නෙවේ තමයි.. කමන්නෑ.. දැන් ඕක තියලා ගෙදර යන්න... "

"බැහැ.. මේ හෙට හියුන්ග් ට තියන මීටින් එකට ඕනෙ කරන ඩොක්‍යුමන්ට්ස් වගයක්.. මන් උදේ වෙන්න කලින් හියුන්ග් ට මේව කම්ප්ලීට් කරලා දෙ- "

ජින් හියුන්ග් මගෙ ලග තිබුන ෆයිල්ස් ඔක්කොම වහලා එයාගෙ අතට ගත්තා.

"හියුන්ග්... "

"මන් ඒ ටික කරගන්නම්... ජුන්.. මන් කවදාවත් ඔයා ගැන වැරදියට හිතන්නෙ නෑ... ඒ වුනාට.. මට එහෙම හිතන්න ඉඩ තියන්න එපා. "

"මොකද්ද කියන්නෙ හියුන්ග් ... මන් කවදාවත් හියුන්ග් ට වරදක් කරලා නෑ දැනුවත්ව... "

"මට කලේ නෑ... ඒත් ඔයා සේහිව හරියට බලාගන්නවද... දරුවා එක්ක ඉන්නවද පොඩි වෙලාවක්වත්... නෑ නේද .... සේහි කවදාවත් මට ඔයා ගැන දොස් කියලා නෑ. සමහරවිට එයා හිතනව ඇති ගෙදර දේවල් එලියට දෙන්න ඕන්නෑ කියලා... ඒත් මට තේරෙනවා.. බලන් ඉන්නකොට"

"හියුන්ග්... ඔයා හිතන්නෙ.. අපි අතර ප්‍රශ්න කියලද...නෑ හියුන්ග් ... එහෙම මොනවත් නෑ අනේ.. ඇයි හියුන්ග් ඔහොම හිතුවෙ... "

මන් හිනාවුනා හියුන්ග් හිතන් ඉන්න දේවල්වලට.

"මන් කිව්ව දේ ඔයා තේරුම් ගත්තෙ නෑ ජුන් තාම.. ජන්ග්කුක් ට වුන දේම සේහිටයි ඔයාගෙ දරුවටයිත් වෙන්න දෙන්න එපා.. එයාලට ඔයාව ඕනෙ.. ඒනිසා වැඩවලට අමතරව එයාලටත් අවධානෙ දෙනවා... "

ජින් හියුන්ග් කියද්දි මට හිතුනා මන් මුලින් ජන්ග්කුක් ව තනි කලා වගේ දැන් මගෙ වයිෆ්වත් ලමයවත් තනි කරනව නේද කියලා. මන් ජන්ග්කුක් ගෙ ප්‍රශ්න විසඳන්න දැඟලුවා , ඔෆීස් එකේ වැඩ ඉවර කරන්න දැඟලුවා මිසක් එයාලට ඕනෙ ආදරේ දෙන්න දැඟලුවෙ නෑ.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Onde histórias criam vida. Descubra agora