මට ඇත්තටම අමතක වුනා හිතන්න ජීමින් කිව්ව දේ ගැන. මන් කාර් එක ඩ්‍රයිව් කරන ගමනුත් කල්පනා කර කර ගියේ ජීමින් කෝල් කල වෙලාවෙ කිව්ව කතාවෙ තේරුම මොකද්ද කියලා.
මන් සින්ග් කරන්න පටන් ගත්තෙ කවද්ද ආයෙ. මන් ජොබ් එකට යන්න පටන් ගත්තට පස්සෙ කාටවත් ඇහෙන්න සින්දුවක් කියලම නෑ. මන් ඇත්තටම බය වුනා මියුසික් කියන එක ආයෙ ලං කරගන්න. මට හැංගෙන්න ඕනෙ වුනා. මගෙ පවුල වෙනුවෙන්.
ඒ කොහොමවුනත් ජීමින් හේතුවක් නැතුව එකපාරට මට කෝල් කලේ ඇයි ඔහොම එකක් කියන්න. එතකොට මන් එකපාරට ට්‍රෙන්ඩින් ලිස්ට් එකට වැටුනෙ කොහොමද.. ජින් හියුන්ග් මැද්දෙන් පැන්නෙ නැත්තන් ඒ වෙලාවෙ ඒක හරියට අහගන්න තිබුනනෙ.
සාමාන්‍යයෙන් කම්පැනි එකක් ඉස්සරහා ෆෑන්ස්ලා ටිකක් ඉන්න එක සාමාන්‍යයි. ඉතින් මට කොහෙත්ම ගානක් වුනේ නෑ එතන ෆෑන්ස්ලා ඉන්න එක ගැන. ඒ අය ජීමින්ගෙ ෆෑන්ස්ලා වෙන්න ඇති කියලා පෙනුනා උස්සගෙන හිටිය ජීමින්ගෙ ෆොටෝසුයි අරවයි මේවයි වලින්. එතන විස්සකට වඩා ඉන්න ඇති. ඇනිවාරෙන් ජීමින් ශී.. ඔයා අද ප්‍රැක්ටිස් රූම් එකේ ඉන්නම ඕනෙ ඒකියන්නෙ.
කට්ටිය මාව දැක්කාට ගනන් ගන්න එකක් නෑ කියලා හිතලා මම වාහනේ ශටර් එක පාත් කරලා වැඩ්ඩා වගේ සික්‍යුරිටි එකට පාට් එක දාලා වාහනේ ඒකෙ කා පාක් එකට දාගත්තට මොකෝ මාව දැකලා මිනිස්සු දුවන් එයි කියලා හිතුවෙ නෑ මම. මෙච්චර දවස් මන් කිසි කරදරය්ක් නැතුව හිටියනෙ. එකපාරට ෆෑන්ස්ලා කියලා ජාතියක් පැන නැග්ගෙ කොහෙන්ද මට. සික්‍යුරිටි එකෙන් ඒ අයට මගෙ ලගට එන්න නොදී තියාගත්තෙ මගෙ ආරක්ශාවකට නෙවේ එයාලගෙ කම්පැනි එකේ ආරක්ශාවට මිසක්. මොකද මන් මේකෙ ආටිස්ට් කෙනෙක් තියා සුලු සේවකයෙක්වත් නෙවේනෙ.
සමහරවිට මෙයාලා ඇවිල්ලා තියෙන්නෙ මට තක්කාලි බිත්තර ගල් ප්‍රහාර එල්ල කරන්නද දන්නෙත් නෑ. ඒත් ජීමින්ව බලන්න ආව අය නිසා ඒ අය ලග ඒවගේ දේවල් නැතුව ඇති. ඒත් සපත්තු ගලවලා ගැහුවොත් එහෙම මොකද වෙන්නෙ. එහෙම වුනොත් නම් මන් ඊට වඩා ගෙදර ගිහින් ගුටිකනවා අද හියුන්ග්ගෙන්. මාස්ක් එකක්වත් දාගෙන ආවෙ නැති එකට මටම බැනගන්න ගමන් මන් වාහනෙන් බැස්සා හාට් එක හය්යෙන් ගැහෙද්දි.
KAMU SEDANG MEMBACA
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fiksi Penggemar"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...