41

223 43 6
                                    

විභාගෙ කියන කරදරේ ඉවර වුනාට මොකද ඊලගට හැමදාම වෙනද වැඩ පිලිවෙල ඒ විදියටම. නෑ ඒ විදියටම නෙවේ ඊටත් වැඩියෙන් වැඩ එක්ක දවස ගෙවන්න වුනේ. මොකද දැන් ඉස්කෝලෙ නොයන නිසා ඒ වෙලාවත් ප්‍රැක්ටිස් අරක මේක ...... මන් හිතන්නෙ මන් වගේම අනික් අයත් හිටියෙ හොඳටම හෙම්බත් වෙලා. මහන්සිය දරාගන්න බැරුව මාව ෆේන්ට් වුන වාර ගාන මතකත් නෑ මට. මට විතරක්.වුන දේවල් නෙවේ . ඒත් මන් හිතන්නෙ අනික්.ලමයි ගොඩේ වැඩිපුරම ලෙඩ තිබුනෙ මට වෙන්න ඇති. ඩෝම් එකේ වැඩිපුරම අසනීප වුනෙත් මමද කොහෙද. වෙනදට අසනීප වුනාම හියුන්ග් ලග හිටියට මෙහෙ මොකෙක්වත් නැහැ . තනියම දරාගෙන ඉවසගෙන ඉන්නවා ඇර වෙන මොනා කරන්නද. ඒත් මන් හිතුවට වඩා ඩෝම් එකේ අනික් අය මන් ගැන බැලුවා. දන්නෑ ඇයි කියලා. ඒ එයාලා මට අනුකම්පා කරන නිසා නම්..... මන් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. අනික් අය කෙසේ වෙතත් මට යුන්ගිව ගොඩාක් ලඟින් දැනුනා මන් අසනීප වුන වෙලාවල. එයා මගෙ ලගින් හෙලවුනේ නෑ මන් හිතන්නෙ.

"ජන්ග්කුක් ... මන් හිතන්නෙ තමුසෙට උණ.. "

මන් නැගිටගන්න පන නැතුව සෑහෙන වෙලා ඇඳේ ගුලි වෙලා ඉද්දි යුන්ගි තමා මුලින්ම මාව බැලුවෙ.

"තමුසෙ ලෙඩ වාට්ටුවක්නෙ හලෝ.. තිස්සෙම ෆේන්ට් වෙනවයි.. එක්කො වීස් එක කියයි ... දැන් උනත් හදාගෙන.. දරාගන්න බැරි නම් මොකටද ආවෙ.. "

"වූබින් .... එයාට කියන්න කලින් තමුසෙගෙ ඇඟ ගැන බලාගන්නවා... "

යුන්ගි මගෙ පැත්තටම කතා කරන්නෙ මොනවා බලාපොරොත්තුවෙන්ද කියලා හිතන එක මන් අතෑරලා දැම්මා. මන් වෙනුවෙන් එකෙක් හරි ඉන්න එක ගැන සතුටු වෙන්න එපැයි. මන් එහෙම හිතුවට යුන්ගි නැති තැන අනික් අය මන් ගැන නොබැලුවාම නෙවේ කොච්චර බැන්න වුනත්.

වූබින් මගෙ නලල උඩින් තෙත තුවාය මාරු කරනවා මට දැනුනා මොකද මන් නිදියන් හිටියෙ නෑ. වූබින් මගෙ ඔලුවෙ කෙස් එහෙ මෙහෙ කරනවත් මට දැනුනා. පේන තරම් යකා කලු නෑ... ඒත් කාවවත් ඕනවට වඩා විශ්වාස නොකර ඉන්න ඕනෙ කියන එක මගෙ හිතේ තදින්ම තිබ්බා. ජීයුන් වුනත් කලේ විශ්වාසෙ බින්ඳ එකනෙ.

"ඔයා අදත් රෙස්ට් කලා නම් හොඳයි නේද.. ජන්ග්කුක් තාම ඔයාගෙ ඇඟ රස්නෙයි.. "

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now