10

273 54 43
                                    

Jungkook's pov

"චොන් ජීයුන්.... තමුසෙ මාර තැන වාඩි වුනේ... තමුසෙට...ඔතන වැඩි දවසක් ඉන්න වෙන එකක් නෑ.... පව් කියලත් හිතෙනවා...."

මං ඉන්ට'වල් එක වෙලාවෙ ක්ලාස් එකෙන් එලියට යද්දි මට ඇහුනා කවුද කෙල්ලෙක් එහෙම කියනවා. මන් ආයෙ හැරිලා එයාලා දිහා බැලුව පාර ඒකෙල්ල මාව දැකලා ජීයුන් ලගින් අහකට ගියා. මං කිව්වෙ... ලමයි මට බයයි..🤣 ඒත් මන් ඇයි ජීයුන්ව බේරන්නෙ එක එකාගෙ කතාවලින්... නෑ මන් නිකන් හැරිලා බැලුවෙ... ඒකි මට බය නිසා එතනින් යන්න ගියා... එච්චරයි .

'හහ්... ආයෙත්... මේ දෙන්නා.. මන් අද මුන් එක්ක පැටලෙන්නෑ ඇත්තමයි...'

"යා... ජන්ග්කුක්... කිම්..."

වොශ් රූම් එකටවත් නිදහසේ යන්න දෙන්නෑනෙ. මන් යුන්ගිගෙ ගැඹුරු කටහඩ ගනන් නොගෙන මන් ආව වැඩේ කරන්න ගත්තා.

"යා... තමුසෙගෙ කන් ඇහෙන්නැද්ද...."

මට තව රන්ඩු වෙන්න ඕනෙ නෑ. මන් හියුන්ග් කිව්ව දේ අහන්නෙ... මට ඕනෙ නෑ... නරක-

"යා... ජන්ග්කුක්... තමුන් දැන් අපිව ගනන් ගන්නැද්ද...."

නිදහසේ වැඩක් කරගන්න දෙන්නෑ.. zip එක දාගන්නවත් නොදී යුන්ගි මගෙ ශර්ට් කොලර් එකෙන් ඇදලා ගත්තා.

"යාහ්...... තමුසෙට මොනාද ඕනෙ... ආහ්... අතාරිනවා... "

"ඕක දාගන්නවා.... ඉස්සෙල්ලා..."

යුන්ගි මාව අතෑරලා කිව්ව්වෙ. මුන්ට ඕනෙ වෙලා තියෙන්නෙ මට මෙහෙම ලැජ්ජ කරන්නද දැන්. කොච්චර ඉවසන්න හැදුවත් මගෙ ඉවසීමෙ සීමාව පනින්න මහලොකු වෙලාවක් යන්නෑ.

මන් ඇදුම හදාගෙන අනික් අතට යුන්ගිව තල්ලු කරන් ගිහින් බිත්තියටම තද කලා.

"යා... ජන්ග්කුක් ... අතෑරපන් මාව... "

"මන්ද මේක පටන් ගත්තෙ....තමුසෙ..."

මන් යුන්ගිගෙ ඇගෙන් අත අහකට අරන් කිව්වා. කිව්වා නෙවේ කෑගැහුවා.

"තමුසෙ කොහොමද අපි කතාකලාම ගනන් නොගෙන ඉන්නෙ... මොකද තමුසෙ මාව ඇහුන්නෑ වගේ හිටියෙ දැන් ටිකකට කලින්... ඇයි තමුසෙට ඒ වැඩේ කරද්දි කන් ඇහෙන්නැතුව යනවද..."

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now