47

228 49 8
                                    

"මගෙ යාලුවෙක්... යාලුවෙක් කීවට.. ඇත්තටම මගෙ සහෝදරයෙක් වගේ.. "

මන් හිතුවා සමහරවිට ඒ ජීයුන්ගෙ අලුත් ආදරවන්තයාවත්ද කියලා. එයාගෙ කටින් මේ ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා පිටවුනත් මගෙ හිතේ තව කැඩිලා බිඳිලා යන්න දෙයක් තිබ්බෙත් නැහැ.

"ජන්ග්කුක් දැන් ගිටාර් ප්ලේ කරනවා නේ... "

ජීයුන් කතා කරන විදිය මට හරිම නුහුරුයි වගේ. හරියට අපි අඳුරන්නේම නෑ වගේ .

"කොච්චර කල් ගතවුනාද නේද ජන්ග්කුක් .... "

"මන් හිතන්නෙ.. අවුරුද්දක් වගේ..."
මන් ඇස්වලින් කඳුලු එලියට පනින්න නොදී එයත් එක්ක කතා කලේ.

"හ්ම්.. "

එයා හිනා වුනා. තව දුරටත් මට ඉස්සර වගේ   නිල් පාට ඇස් අස්සෙ අතරමං වෙන්න පුලුවන් වුනේ නෑ. දැන් තිබුනෙ දුඹුරු පාට ඇස් දෙකක් එයාට. මට එයාගෙන් ඒ ගැනත් අහන්න ඕනෙ වුනා.එයා තාම තනියෙන්ද කියලත් දැනගන්න ඕනෙ වුනා. අහන්න දාහක් ජාති තිබ්බට එයත් එක්ක හිටිය යාලුවාද සහෝදරයද මොකාද එකා නිසා මට කට අරින්නත් හිතුන්නෑ.

"ඔප්පා... මන් ජන්ග්කුක් එක්ක කතා ක- "

"ඕ.. ජීයුනා.. මන් යන්නම් ඔයාලා කතාකරගන්න.. "

එයාටම තේරුනා වගේ එයා එතනින් මාරු වෙලා යද්දි ජීයුන් මගෙ ලගට ඇවිත් මගෙ අතකින් අල්ලගත්තා.

"අවුරුද්දට ඔයා ගොඩක් වෙනස් වෙලා ජන්ග්කුක් ... උස ගිහින්... ලස්ස්න වෙලා... හැන්සම් වෙලා... මට අඳුරගන්න බැරි වෙන්නත් තිබ්බා.. "

එයා කියන තරම් මගෙ වෙනසක් මට තේරුනෙ නැතත් මන් උසගිහින් හෝ ජීයුන් කොටගිහින් කියලා මට තේරුනේ ඉස්සර මගෙ උසටම වගේ හිටිය ජීයුන් දැන් මට වඩා ගොඩක් කොටට හිටිය නිසා.

"එහෙමද ? දැන් මන් හැන්සම් නිසාවත්... අපිට ආයෙ පටන් ගන්න බැයිද... ඔයා කැමතියි කිව්ව ලපෙත් මන් පරිස්සම් කරන් තියන් හිටියා.. නැත්තන්...  දැන් ඔයා වෙන කාටහරි අයිති වෙලාද.. "

මන් අහද්දි එයා හිනාවුනා. එයා මගෙ තොල් යටින් තිබ්බ බර්ත් මාක් එකට ඇගිල්ල තියලා හිනා වුනා.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Donde viven las historias. Descúbrelo ahora