46

244 43 13
                                    

A/N  මන් ටයිම් ස්කිප් කරනව ටිකක් සමහර තැන්වල. නැත්තන් එකම ඒවා කරකව කරකව ලියලා ඔයාලට කතාව කම්මැලි වේවි. ඔයාලට කතාවත් අමතක වේවි. හීහී.. මේ චැප්ටර් එකෙයි ඊලග එකෙයි විතරක් ගොඩක් විට පැන පැන යනවා වගේ එකක් දැනෙයි. :) මන් උත්සහ කරනවා රීඩර් මල්වලට කම්මැලි නොවෙන විදියට ලියන්න. 🌻

•°'´×•°'´×•°'´×•°'´×•°'´×•°'´×•°'´×•°'´×•°'´×•

"ජන්ග්කුක්... ඔය මදෑ රවුම් ගැහුවා.. දැන් බබාවත් අරන් ගෙදර එන්න... ඔයාට කොහොමද ජුන්ව හම්බුනේ. මගෙන් ඇහුවා ඇයි යැව්වෙ කියලා. "

නූනා කෝල් එකක් අරගෙන කියාගෙන කියාගෙන ගියා .

"එන්නම්... නූනා . "

හියුන්ග් නම් අනේ මන්දා . මට මහ ලොකුවට බැන්නෙ නෑ එවෙලෙ ඒත් පස්සෙ කෝල් කරලා නූනාට කෑ ගහලාද කොහෙද.

මොන දේ වුනත් ගෙදර ගියාම නූනා මට මුකුත් නොකියන බව මන් දන්නවා. ඒත් හියුන්ග් නූනාට කෑ ගහපු එක ගැන මට තරහයි. හියුන්ග් ට තිබුනා මට බනින්න කෙලින්ම. මමයි ලචීව එලියට එක්කන් යන්න ඕනෙ කිව්වෙ.

ඒ ගැන හිත හිත මන් රෙස්ටුරන්ට් එකේ වොශ් රූම් එකේ ඉඳන් ලචීවත් වඩාගෙන එලියට ආවෙ ඒකෙ තිබුන පොඩි හීනි කොරිඩෝ එකක් දිගේ.

"ලමයි....අර ජ්‍යොන් ජන්ග්කුක් කොහෙද... ඔයාලා එක්ක කලින් හිටියෙ මෙතන.... "

මට ලාවට කාගෙද කටහඬක් ඇහෙද්දි මන් ලචීව පපුවට තුරුලු කරන් එහෙම්මම හිටි තැන නැවතුනා.

"ජ්‍යොන්? ජන්ග්කුක් ... අපි එහෙම කෙනෙක් දන්නෑ. කි-"

ටේහියුන් කියාගෙන ගිය එක යුන්ගි වැලමිටෙන් ඇනලා නවත්තපු හැටිත් මන් බලාගෙන.

"අපි දන්නෑ මිස්ටර්.. සමාවෙන්න මට වැඩ තියෙනවා... අහ්.. ඔයා ගෙදරයන්න ඕනෙ නේ ටේ.. "

යුන්ගි ඒ මනුස්සයව ගනන් නොගෙන ටේහියුන් ව පැත්තකට ඇඳගෙන ගිහින් සාක්කුවෙන් ගත්ත සල්ලි වගයක් ටේහියුන් ගෙ අතේ ගුලිකරනවත් මන් ඈත ඉඳන් බලාගෙන. ඒ දෙන්නා දිහා බලන්න ගිය එකෙන් දෙවනි පාරටත් මට අර මිනිහව මිස් වුනා.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Donde viven las historias. Descúbrelo ahora