Jungkook's pov
"ඔයාගෙ අප්පා ජ්‍යොන් ජේයොන් කියන ලොකු බිස්නස්මන් . තමුන් ජ්‍යොන් ජන්ග්කුක් . කිම් ජන්ග්කුක් නෙවේ. මෙච්චර කල් හිතන් හිටිය කිම් නම්ජුන් තමුසෙගෙ හියුන්ග් නෙවේ... කිම් නම්ජුන්ගෙ අප්පා තමුන්ව හදාගන්න ගත්තා... ජ්‍යොන් ජේයොන් කියන්නෙ ගෑනු පෙරේතයෙක්.. තමුන්ගෙ අප්පා සල්ලිකාරයෙක් ඒත් ගෑනු පෙරේතයෙක්.. හොඳ කෙනෙක් නෙවේ. තමුනුත් ඒ වගේම නැතෑ.. "
මන් මගෙ දනිස් දෙක අස්සෙ ඔලුව ඔබාගෙන ගුලි වුනා. එක එක කටහඬවල් මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙද්දි හැමෝගෙම ඇගිල්ල මගෙ දිහාට දිග් වෙලා තිබ්බා.
"ජීයුන්... ඔයා මාව.. දාලා යනවද.. ඔයත්? "
"සොරි ජන්ග්කුක් .. මන් කොහොමද තවත් ඔයා එක්ක ඉන්නෙ."
"මන් එහෙම නෑ ජීයුන්.. ඔයා මාව දන්නවනෙ.. ජීයුන්.. "
"කෙල්ලෙක් ඉස්සරහ ඔහොම බැගෑපත් වෙන්න එපා ජන්ග්කුක් .... "
මගෙ කොන්ඩෙ අස්සෙන් ජීයුන්ගෙ ඇඟිලි යනකොට මන් ඇස් වහගත්තා තද කරලා.
"ඇස් අරින්න කුක්.. නැගිටින්න.. ඔයා හීනයක් දැකලා."
මන් හීනෙක හිටියෙ කියලා තෙරුනම මගෙ හිතට පොඩි සහනයක් දැනුනාත් එකපාරටම ජීයුන් මගෙ බෙඩ් එකේ ඉඳන් මගෙ ඔලුව අතගාන්නෙ කොහොමද කියලා මාව ගැස්සිලා ගියා.
"ජීයුන්.. ඔයා මෙහෙ.. මො- "
"මන් ඔයාව දාලා යන්නෑ මොනවා වුනත්.. "
"මන් අහන්නෙ ඔයා ඇයි මෙහෙ.. "
"මන් එන්න හොඳ නැද්ද ම්... ? "
එයා ලාවට හිනාවෙලා මගෙ අහද්දි මන් මන් එයාව තුර්ල් කරගන්න හැදුවත් මගෙ පපුවටම තුරුල් වෙලා හිටිය ලචී ඒකට බාධා වෙද්දි මන් ජීයුන් එක්ක නිකන් හිනාවුනා. මොහොතකට හිතේ තිබ්බ විකාර අමතක කරලා හිනාවුනා මම.
"ඒක ඇත්තද ජීයුන්... හැමෝම කියන ඒවා.. "
"අ.. "
"ඔයාත් දැනගෙන හිටියා ද... ඒත් මට ඔයා එක්ක තරහා වෙන්න බෑ.. "
ජීයුන් බය වෙලා වගෙ දෙපැත්තට ඔලුව වනද්දි මට එයාගෙ නිල්පාට ඇස් දෙක බොරු කියනව වගේ පේනුනෙ නෑ. මන් ලචී දිහා බලාගෙන ලචීගෙ කොන්ඩෙ මගෙ ඇගිලිවලින් කරකවන්න පටන් ගත්තා.
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...