මන් ඕනෙ හැමදේම විසඳන්න . සිද්ධවුන කරදර හැම එකක්ම වුනේ මන් නිසා නම් මන් ඒවා විසඳන්න ඕනෙ. මට තවත් මගෙ දරුවගෙවත් ජීයුන්ගෙවත් අනික් අයගෙවත් ජීවිත අනතුරේ දාන්න බැහැ. මන් හැදුවෙ අප්පා ලගට ගිහින් හැමදේම විසඳන්න. ඒත් හෝසොක් හියුන්ග් කොහෙන්හරි ඇවිල්ලා හැමදේම අවුල් කරනවා.
හෝසොක් හියුන්ග් මිනිස්සුන්ට පේන්න මාත් එක්ක බොරුවට හිනාවෙවී කරටත් අත දාන් මාව ආයෙ හොස්පිට්ල් එක ඇතුලට එක්කන් ආවා.
"මේ මෝඩයා හදන්නෙ අප්පා ලගට ගිහින් බිස්නස් බාරගන්න.. එතකොට හැමදේම හරියනවා කියලා හිතාගෙන ඉන්නෙ"
හෝසොක් හියුන්ග් අනික් අයත් ඉස්සරහා කිව්වාම හැමෝම මට බනින්න ගත්ත එක වුනේ. මගෙ අප්පාට ඕනෙ නම් මන් එයාගෙ දේවල් ඉස්සරහට කරගෙන යන්න ඒකෙ ඇති වැරැද්ද මට තේරුනෙ නෑ. එයාගෙ චරිත සහතික බලන්නෙ නැතුව මන් මුලදිම ඔය වැඩේට කැමති වෙලා කෙහෙල්මල් මියුසික් අතෑරලා එයාලගට ගියානම් අද මේ කිසිම කරදරයක් ඇති වෙන්නෑ.
හෝසොක් හියුන්ග් මාව බලෙන්ම ජීයුගෙ බෙඩ් එක ලග තිබ්බ ස්ටූල් එකේ වාඩි කලා.
"ඔයා හිතන් ඉන්නෙ ඔයාගෙ නිදහස නැති කරන් ඒ මනුස්සයා ලග වැටුනම හැමදේම හරි කියලද. ජන්ග්කුක් ඔයාගෙ ජීවිතේ ඒක නෙවේ. ජන්ග්කුක් ඔයාට එයා කියන කියන විදියට ඉන්න වෙයි. එයා ගහන ගහන පදේට නටන්න ඔයා රූකඩයක් වෙයි. අන්තිමට බිස්නස් වෙනුවෙන් කියලා එයා කියන අයව මැරි කරන්නත් වෙයි. ඔයාට-
"මට වෙන්න යන හැමදේම ඔයා හරියටම කියන්නෙ කොහොමද ඔයාත් බැරිවෙලාවත් එයාගෙ ලමයෙක්ද හෝසොක් හියුන්ග්"
මන් කටට ආවට කිව්වට මන් ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. එයා ඒකට කේන්ති ගනී කියලා පස්සෙ හිතුවට එයා කේන්ති ගත්තා මදිවට මන් කොහෙත්ම බලාපොරොත්තු නොවුන උත්තරයක් දුන්නා.
"ඔව්! "
මන් හිනාවුනා. මන් හිතුවා එයා මේ වගෙ වෙලාවක විහිලු කරනවද කියලා. ඒත් මගෙ හියුන්ග් අප්පා දෙන්නම හෝසොක් හියුන්ග් දිහා කන්න වගෙ බලන් ඉන්න විදිය දැක්කම මට ත්වදුරටත් හිතුනෙ නෑ ඒක විහිලුවක් කියලා.
CZYTASZ
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...