Jungkook's pov
"දැන් ඔයා කියන්නෙ ජීයුන් කිව්වා එයා ඔයාට තවත් කැමති නැහැ කියලා... "
"ඔව්.. "
ජීයුන්ගෙයි මගෙයි අතර වුන දේවල් ජීමින් ට පැහැදිලි කරන්න සෑහෙන වෙලාවක් ගියා. ඒ අතරෙ ජීමින් අහන දේවල් නිසා මට කේන්ති ගිය වාර ගාන මට මතක නෑ.
"ඔයාට විශ්වාසද ඔයාගෙන් වැරැද්දක් වුනේ නැ කියලා... නෑ මන් කියනෙ ජන්ග්කුක් ... ඔයා සාමාන්‍යයෙන් .. හැමවෙලෙම කේන්ති ගනවනෙ.. ඒවගෙ.. වෙලාවක් වැරදි දෙයක් කිව්වද.. "
"පිස්සුද ඔයාට.. ඔයා කියන්නෙ මෙතන දැන් මගෙ වැරැද්ද කියලද ජීමින්.."
"අය්යො.. නෑ.. ඒත්.. මටහිතාගන්න බෑ ජීයුන්ම.. ජන්ග්කුක් .. මේ අහන්නකො.. "
ජීමින් මගෙ අත අල්ලගත්තා.
"මන් ජීයුන් එක්ක කතාකරලා බලන්නද්ද... "
"පිස්සුද ඔයාට.. එයාට ඕනා නැත්තන් මටත් ඕනෙ නෑ එයාගෙ පස්සෙන් යන්න... මන් මේවා ඔයාට කියන්න හිටියෙ නැහැ.. අහ අහා වදයක් වෙන නිසා කිව්වෙ... දැන් දැනගත්තනෙ කටවහන් ඉන්නව.."
ජීමින් තවත් ප්‍රශ්න අහන්න කලින් මන් බේරිලා පැනලා ආවෙ මගෙ ඉස්සරහට ආව ජීයුන්වත් නොදැක්ක ගානට . එයා මට මොනාහරි කියන්න ගියා . සමහරවිට මන් ඔඩිශන් එක පාස් වුනාට සුභ පතන්න හදන්න ඇති .
'ජන්ග්කුක්.... මගෙ සුභ පැතුම් ... මන් දැනගෙන හිටියා ඔයා සිලෙක්ට් වෙනවා කියලා.. '
එයා එහෙම කියලා මාව බදාගෙන මගෙ කම්මුලක් කිස් කලා.. හීනෙන්.
මන් එහෙම දෙයක් බලාපොරොත්තු වුනා . ඒත් ඒක මැවිලා පෙනුන එකක් විතරක් වුනා. සමහරවිට මගෙම වරද. මන් නතරවෙලා එයා කියන්න ගිය එක ඇහුවා නම්... ඔක්කොටම වඩා මන් ටිකක් ඉක්මන් වෙලා ජීයුන් ට කැමතී කියලා තිබ්බා නම්.. හැමදේම වෙනස් වෙන්න තිබ්බා. ඒත් තවත් ඒ ගැන හිතන්න ඕනෙ නෑ. මගෙ පිට වරද දාලා එයා මගෙන් වෙන් වෙන්න හදනව නම්.. ඇයි මන් තවත් එයා ගැන හිතන්නෙ. ඒ වුනත් මන් කොහොමද එයාගැන හිතින් අයින් කරගන්නෙත්.
"ජන්ග්කුක්... ක්ලාස් එකට යනවා රවුම් ගහන්නෙ නැතුව... "
කොහෙදො ඉදන් ආව මිස් මගෙ කනෙන් ඇල්ලුවා. සමහරවිට දැන් අපිට ඇත්තෙ ඉංග්‍රීසි .
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...