68

124 42 13
                                    

Jungkook's pov

නූනා මගෙ ලගට ඇවිත් ලචීව මගෙන් අරගෙන මාව කෑම මේසෙ පුටුවක් ඇදලා වාඩි කෙරෙවා.

"මොකද මේ... හියුන්ග් , නූනා.. අ-අප්පා.. "

"මන් හිතනවා මේක බොරුවක් කියලා.. එදා.. ඔයා හම්බුනේ ජීයුන් ව විතරයි කියලා මට විශ්වාසයි කුකී.. ඒත්-"

"මොනවද අනේ කියව-"

මට එකපාරට සන්ග් වූ කෝල් කරලා කිව්ව එක මතක් වුනා.

"මො-මොකද්ද... වෙලා තියෙන්නෙ.. කි-කියලා කියන්න මට.. "

"කුකී මේකෙ තියන හැටියට ඔයා මේ කෙල්ලගෙ බඩේ ඉන්න ලමයගෙ අප්පා.. .. ලු. "

"මොන.. මොකක්.. මොන කෙ-කෙල්ලගෙ... ජීයු- "

එකපාරට මගෙ ඔලුවට ආවෙ ජීයුන්ව වුනත් හියුන්ග් මගෙ ඉස්සරහා තිබ්බ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වෙන කවුද කෙල්ලෙක්ගෙ මූනක් තියනවා දකිද්දි මගෙ අදහස වෙනස් වුනා. දැකලා පුරුදු මූනක් වෙද්දි ඒ කවුද කියලා මතක් කරද්දි මට මතක් වුනා ඒ කලිනුත් මගෙ නමත් එක්ක පටලලා කටකතා හැදුන කෙල්ලමයි කියලා.

"හියුන්ග් මන්.. මෙයාව දන්නෑ. හියුන්ග්, අප්පා මාව විශ්වාස කරන්න. "

මන් වෙන කියන්න දෙයක් දැනගෙන හිටියෙ නෑ. වෙලා තියෙන්නෙ මොනවද කියලා මටම තේරුම් ගන්න බැරුව ඉද්දි මන් තව කොහොමද අනික් අයට මේක බොරුවක් කියලා තේරුම් කරන්නෙ. මන් ජීවිතේට දැකලවත් නොතිබුණු කෙල්ලෙක් ගැන මගෙ නම පටලවලා මේ තරම් ලොකු බොරුවක් මිනිස්සු අතරට ආවෙ කොහොමද කියන්න මට තේරුමක් නැහැ.

"හියුන්ග්!.. හියුන්ග් ජීයුන්.. එයා මේක දැක්කොත් මන් ගැන වැරදියට හිතයි හියුන්ග් .. මොනාහරි කරන්නකො හියුන්ග් . මන් කොහොමද එයාට මූනදෙන්නෙ. හියුන්ග්.. දැන්වත් මට එයාට කතා කරන්න දෙන්න.."

"පිස්සුද ඔයාට.. මේ වෙලා තියන ඒවා මදිවට තව ප්‍රශ්න ඕනෙද "

හියුන්ග් මගෙ මූනටම කෑ ගහලා එහාටයි මෙහාටයි ඇවිදින්න ගත්තෙ ෆෝන් එකත් කනේ තියාගෙන කාටද සැරින් සැරේ කෝල් කරන්න හදන ගමන්.

"හෙලෝ.. මම ත- "

හියුන්ග් ෆෝන් එකේ කතාව නවත්තලා මගෙ මූන දිහා බලන් ඉදලා එයාගෙ රූම් එකට ගියෙ මට ඇහෙන්න ඕනෙ නැති දෙයක් කෝල් එකේ ඉන්න කෙනා එක්ක කතා කරන්න තියනවා වගේ.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Donde viven las historias. Descúbrelo ahora