Jungkook's pov
මන් යද්දි හෝසොක් හියුන්ග් හොඳටම.කැහැ කැහැ හිටියා කෑම හිරකරගෙන. හියුන්ග්ලා දෙන්න ලොකු වලියක් වගෙ.
"හරි ඉතින් උබ මලේ නෑනෙ.. "
"මලේ නෑ තමා.. මන් ඉන්නෙ ගහේ.."
"ගහේ?.. ආ හා.. හරි හරි.. සොරි.. රිදුනද .."
"කැහැහ්.. ප්‍රස්නයක් නෑ.. තව පොඩ්ඩෙන් බඩවැල් කටින් එලියට එන්න තිබ්බා. අවුලක් නෑ දැන්.. "
මන් ටිකක් වෙලා එයාලා දිහා බලන් හිටියාම මට එයාලගෙ අවධානෙ ලැබුනා.
"ඔයාටත් කන්න ඕනෙ නම් ඉඳගන්න කුකී.. "
"එපා. "
"එහෙනම් අයිස් ක්‍රීම්? "
"හා.. හචුස්.. "
මගේ හියුන්ග් මගෙ දිහාවට අයිස්ක්‍රීම් ටබ් එක පිටින් දිග් කරද්දි හෝසොක් හියුන්ග් ඒක ඇදලා ගත්තා.
"කමක් නෑ ඉතින්.. "
මන් නහයෙන් ගලන හොටු පිහදන් හෝසොක් හියුන්ග් ට එහාපැත්තෙ පුටුවෙ වාඩිවුනා.
මගෙත් එක්ක බිග් හිට් එකට යන්න කතාකලාම දෙන්නගෙන් කවුද එන්නෙ කියලා රණ්ඩු වෙලා අන්තිමට දෙන්නම එන්න තීරනය කලා.
"හරි ඉතින් කොහොමත් අපි දෙන්නම යන්නනෙ හිටියෙ. හහ්.. "
මගෙ හියුන්ග් එහෙම කියලා හෝසොක් හියුන්ග් දිහ කන්න වගේ බලනවා මන් දැක්කා. ඒ දෙන්නට රන්ඩු බේරගන්න දීලා මන් ලෑස්ති වෙන්න ගියා. මන් දන්නෑ මන් ආපහු එද්දි එයාලා ප්‍රශ්නෙ විසඳගත්තද නැද්ද කියලා. ඒත් මූනු දැක්කාම පෙන්නෙ ආයෙ රන්ඩු වෙලා.වගේ
"මගෙ කාර් එකේ යන්"
"මගෙ එකේ යන්.."
ඒ පාර ඊළඟ ප්‍රශ්නෙ.
"හැබැයි මන් සූබින් ට කතා කලා නම් මිනිහා මෙලහකට ගේ ඉස්සරහා හියුන්ග්.. "
"ඔය.මොකෙක්වත් ඕන්නෑ. ජුන්ගෙ වාහනේ යමු ඉතින් . "
අන්තිමට හොසොක්.හියුන්ග් එකග වුනා මගෙ හියුන්ග් ගෙ වාහනෙ යන්න.
"ජන්ග්කුක් හියුන්ග්.. කිව්වනෙ කිව්වනෙ මන් කිව්වනෙ ඔයාම එනවා කියලා. "
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...