71

109 33 2
                                    

"ලචී.. මගෙන් ගුටි කන්නයි යන්නෙ ඔය ඉතින් … "

මන් යද්දි ලචී අප්පාගෙ ස්ටෝ රූම් එක ඇරගෙන ඒක ඇතුලට ගිහිල්ලත් ඉවරයි. කලින් පාරක් මන් ඕක අස්සට ගිහින් අප්පාගෙන් කන පැලෙන්න අහගත්තා තාම මට මතකයි. මේ පාර දෙන්නටම අහගන්න වෙන්නෙ කියලා මට තේරුම් ගියෙ එලියේ වාහනයක් නවත්තන සද්දෙ ඇහුන නිසා. මෙච්චර ඉක්මනට හියුන්ග් ලා නම් එන්න විදියක් නෑ අනිවාරෙන් අප්පා වෙන්නම ඕනෙ. 

"ලචී මෙහෙ එනවා පන්ඩිත වැඩ කරන්නෙ… "

මන් ලචීට බැනලා අතින් ඇදන් එන්න හදද්දි ලචීට හචිමක් ගියෙ එයා අතට අරන් තිබ්බ දූවිලි පිරුන ෆොටෝ ෆ්‍රේම් එකක් නිසා.

"ඔය ඉතින්.. ඕක තිය- "

මන් එයාගෙ අතින් ඒක අතට අරන් තියන්න හදද්දි මට ඒ ෆොටෝ එකේ විශේශයක් පෙනුනා. 

"මේ…. "

මන් මගෙ හුඩි එකේ අතින් ෆොටො එක පිහුවෙ ඇඳුමෙ දූවිලි වදින එක ගැන නොහිතා. ෆොටෝ එකේ ඉන්න කෙනාව දැක්කම මට හිතාගන්න පුලුවන් වුනා ඒ කවුද කියලා.

මන් ෆොටෝ එකත් අතේ තියන් ලචීව වඩාගෙන ඇවිත් සෝෆා එක උඩින් ඉන්දෙව්වෙ අප්පා එක්ක කතා කරන්න හිතන්. ඒත් ඇවිල්ලා තිබුනෙ හියුන්ග්.

"හියු- "

"මහන්සී කුකී වොශ් දාන් එන්නම්.. "

හියුන්ග් මාව ගනන් නොගෙන කාර් එකේ කී එක කී හෝල්ඩර් එකේ එල්ලලා රූම් එකට ගියා. 

Author's pov 

නම්ජුන් තියලා ගිය කී එක ජන්ග්කුක් අතට ගන්නවා සේහි දැක්කා. ඩ්‍රයිව් කරන්න නොදන්න ජන්ග්කුක් ට මොකටද කී එක.

"ජන්ග්කුක් .. කොහෙද යන්නෙ.. "

"මන් එන්නම් නූනා.. මන් හියුන්ග් ගෙ කාර් එක පොඩ්ඩකට ගන්නවා.. "

"මොකක්.. කුක් ඔයාට ඩ්‍රයිව් කරන්න බෑ! "

"මට පුලුවන් ! අහ්.. මේක පරිස්සම් කරලා තියාගනකො නූනා.."

ජන්ග්කුක් අන්තිමට එහෙම කියලා අතේ තිබ්බ ෆොටෝ එක සේහිට දීලා එලියට බැහැලා වාහනේ ස්ටාට් කරලාත් ඉවරයි. සේහි ජන්ග්කුක් ට කොච්චර කිව්වත් කොහෙද යන්නෙ කියලවත් නොකියා ජන්ග්කුක් වාහනේ එලියට ගන්න ගමන් හිටියේ.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now