Jungkook's pov
"කෝ මගෙ ගිෆ්ට් එක..."
"මොන..."
"ඇයි... ඊයෙ කිව්වෙ.. "
"ඈ...අ...ආ ඒක... ඔයාඑපාකිව්වනෙ..."
ජීයුන් වේගෙන් කියාගෙන ගියේ බ්‍රේක් නැතුව...
"යා... කොහෙද යන්නෙ.... "
මන් එයාගෙ අත තද කරන් ඇහුවෙ මෙයා පැනලා යන්න හදන නිසා.."මට... යන්න දෙන්න ජන්ග්කුක් ...."
"බෑ.... මට දැන් ඒක ඕනෙ... කෝ... දෙන්න... ඊයෙට වඩා ලොකු එකක්... ම්ම්...?"
"යා...... මොනාද ඉල්ලන්නෙ... ආ... මන්.. මන් ලග නෑ දෙන්න මොනාත්... "
ජීයුන් බයවෙලා වගේ කියවද්දි මට හිනා ගියා.. මෙයා හිතුවෙ මං ඒක ඇත්තටම කිව්වා කියලා..හහා. පව් බයවෙන්න ඇති..
"යා... මන් විහිලුවක් කලේ... යන්.."
දොර කවර් කරන් හිටගෙන කට ඇරන් ඇස් ලොකු කරම් බලන් ඉන්න ජීයුන්ව එහාට කරලා මං දොර ඇරියා. කාන්තාවට මුල් තැන කියලා ජීයුන් එලියට යනකම් බලන් හිටියට ජීයුන් තාම කන්ෆියුස්...
"මොකද... යන් එන්න...ජී...යු...න්"
මන් දොර අත ඇරලා මන් එයාගෙ මූණට එබිලා මූණ ඉසරහින් අතත් එහා මෙහා කර කර කිව්වෙ මෙයා හිටගෙන ඇස් ඇරන් මැරිලද දන්නෑනෙ.. දොර ඉබේ වැහෙන දඩස් සද්දෙට නම් එයාව ගැස්සුනා..
"මෝඩ බූරු උලම හැලප ගෙම්බා..."
අහ්.. මැරිලා නෑ.. ඒ වුණාට ඕය වගේ අපහාස කරන්න ඕනෙ නෑනෙ.. කරන අපහාසයක් මෙච්චර මගෙ මූණට ලංවෙලා කරපු එක තමා අවුල.. කවදාවත් නැති විදියට මාව පිස්සු වැටිලා ගියා ඒ නිල්පාට ඇස් දෙකට. ඒ ලෙන්ස් දෙකක්වත්ද. හැමදාම හිතට එන .. ඒත් අහන්න ලැජ්ජ හිතුන ප්‍රශ්නෙ.. ජීයුන් ඔයාගෙ ඇස්.. ලෙන්ස් දෙකද්ද ඒ.. මන් කවදාවත් ඕක ඇහුවෙ නෑ..
මන් ජීයුන්ට ගොඩක් ගොඩක් ලංවුනා.. හදවතින්... නෑ.. මන් දන්නෑ.. මන් කිව්වෙ ලංවුණා කියලා මූණ ගැන විතරයි .... මන් එයාගෙ මූණට ලං වුණාද එයා මගෙ මූණටම ලං වුනාද කියලා දන්නෙ නෑ.. හැබැයි අපි දෙන්නා හිටියෙ ගොඩක් ගොඩක් ලඟින්..
"ජන්ග්කුක්... "
"හ්ම්"
මගෙ ඇගේ කරන්ට් එකක් දිව්වෙ ජීයුන්ගෙ අත් දෙක කර වටේ එතෙනකොට.
BINABASA MO ANG
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...