49

248 49 12
                                    

Jungkook's pov

"මට බැහැ.... "

"විකාරද ඔයාට... හැමදේම අවුල් කරන්නද හදන්නෙ... ජන්ග්කුක් මගෙ යකා අවුස්සන්නැතුව ඉක්මන් කරලා යන්න... "

යුන්චොල් හියුන්ග් පුදුම වේගෙකින් මට බැන්නා.

"ජන්ග්කුකී.. බය වෙන්න එපා.. ඔයාට පුලුවන් . "

මේකප් ආටිස්ට් නූනා මගෙ උරහිසට අත තියන් හිනා වෙලා කිව්වා.

"හරි... ජන්ග්කුක් යන්න දැන් ස්ටේජ් එකට..

"JK ඔයා නිසා මුලු වැඩසටහනම අවුල් වෙනවා.. ඉක්මන් කරන්න.. "

හැමෝගෙම බලකිරීම නිසා මන් හිමින් හිමින් ස්ටේජ් එක මැද්දට ගියා. ඒක මට හුරු පුරුදු ස්ටේජ් එක.. ඒත් මගේම පෆෝමන්ස් එකක් කරන.. පලවෙනි වතාව.

'වන් ටූ ත්‍රී ෆෝ..'

මගෙ කනේ තිබුන ඉයර්බඩ්ස් වලින් මට ඇහුනා. කවුන්ටින් එකට පස්සෙ මියුසික් පටන් ගත්තා... මන් ප්‍රැක්ටිස් වුන විදියටම ස්ටේජ් එක උඩ ඩාන්ස් කරන්න පටන් ගත්තා. මන් බලාපොරොත්තු වුන විදියට එයා එතන හිටියා.. එයාගෙ හිනාව මගෙ බය අතුරුදන් කරලා දැම්මා.

මන් දන්නවා මම සින්ග් කරන්න පටන් ගන්න ඕනෙ තැන...

මන් එයා දිහා බලාගෙන කිව්වා.

"You are the cause of my euphoria ... "

සින්දුව පුරාම ඒ පද පේලිය මන් කිව්වෙ එයා දිහා බලාගෙන.

පෆෝමන්ස් එක පොඩ්ඩක්වත් අවුල් වුනේ නෑ මගෙ අතින්. මොකද... එතන එයා හිටියා. මන් අන්තිම මොහොතෙ වෙනකන් බලාපොරොත්තු වුන ව්දියට එයා ඕඩියන්ස් එකෙ හිටියා.

ජීයුන්.. තෑක්ස් ආවට..

මට පෆෝමන්ස් ඉවර වුන ගමන් ස්ටේජ් එකෙන් පැනලා ජීයුන් ව බදාගෙන කියන්න ඕනෙ වුනත් මේක ඒකට අවස්තාව නොවුන නිසා මට වුනේ කලින් කියලා තිබුන විදියට මගෙ ඉස්සරහ තිබ්බ කැමරාව දිහා බලන් ඉන්න .

ස්ටේජ් එකේ ලයිට්ස් ඕෆ් වුනත් මට එයාගෙ නිල් පාට ඇස් දෙක නම් පෙනුනා. ඔව් එයා ඒවා ආයෙ නිල්පාට කරගෙන. නෑ ඒ එයාගෙ ඇත්තම නිල් පාට ඇස් දෙක. මට ගොඩක් වෙලා ඒ ඇස් දිහා බලන් ඉන්න පුලුවන් වුනත් මට තවත් එතන ඉන්න අවස්තාවක් නැතිනිසා මන් බැක්ස්ටේජ් එක්ට ආවා.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now