"මේ කොල්ලා මොනා කරයිද හොබී… "
"නම්ජුනා.. ලෑස්ති වෙන්න පොලීසියට යන්න. එයාට බෑ කාවවත් බලෙන් තියාගෙන ඉන්න මේක පැහැරගැනීමක්."
හෝසොක් හිතුවට හොඳම විසදුම ඒක කියලා ඒක එහෙම වුනේ නෑ.
"හොබී.. මේවා පොලිසි ගිහින් විසඳන්න පුලුවන් දේවල් නෙවේ තේරෙන්නැද්ද.."
"ජුන් හරි. මේවා පොලිසි ගානෙ ගෙනිච්චොත් අපිට කුක්වත් නැතිවේවි.පොලීසියට ජේයොන්ට උඩින් යන්න බෑ ඔයා ඒක දන්නවනෙ හෝසොක්.."
"ඔය කතාවල් නවත්තලා මට මගෙ දරුවාව ගෙනත් දෙන්න! ජුන් ඔයාට හැඟීමක් නැද්ද ලමයා ගැන.. සේරම ඔයාලා හැමෝගෙම වැරදි.."
සේහි තමන්ගෙ දරුවට තියන ආදරේ නිසාම හැමෝටම දෙස් තිබ්බා.
"සේහියා කලබල නොවී ඉන්නකො ටිකක්. මන් ලචීට මොනාත් වෙන්න දෙන්නෑ. හෝසොක්.. ඉක්මන් කරලා ජන්ග්කුක් පස්සෙන් යන්."
නම්ජුන්ගෙයි අප්පාගෙයි කීමට හෝසොක් ජන්ග්කුක් ව හොයන්න ගියෙ ජන්ග්කුක් ජේයොන්ගෙ ගෙදර යයි කියලා තිබ්බ සැකේට මිසක් ජන්ග්කුක් ගිය තැනක් හරියටම දැනගෙන නෙවේ.
යනගමන් ජන්ග්කුක් ට දිගට හරහට කෝල් ගත්තත් ජන්ග්කුක් නෙවේ ආන්සර් කලේ. පාරට බැහැලා ටැක්සි එකකට අතදාපු ජන්ග්කුක් හිටියෙ ජේයොන්ව හොයන් යනගමන්.
හෝසොක්ගෙවත් නම්ජුන්ගෙවත් කෝල් නෑහුන ගානට හිටියත් සෑහෙන වතාවක් කෝල් ගත්තට පස්සෙ ජන්ග්කුක් ෆෝන් එක ආන්සර් කලා.
"ජන්ග්කුක්.. කොහෙද ඉන්නෙ." හෝසොක් ගෙ කටහඬට ජන්ග්කුක් ගෙ කන පැලෙන්න තරම් වුනා.
"මොකද.. මන් කිව්වනෙ මන් එයාලව එක්කන් එන්න යනවා.."
"කොහෙද.. ජන්ග්කුක් එයාලා ජේයොන්ගෙ ගෙදර නෑ.. මන් එහේ ගියා. දැන් මට ඔයා ඉන්න තැනක් කියන්න."
ජන්ග්කුක් ගෙ මුරන්ඩුකමත් එක්ක ඔට්ටු වෙලා ජන්ග්කුක් යන තැනක් ගැන දැනගන්න හෝසොක්ට තමන්ගෙ මාරයා අවුස්සගන්නම වුනා. හොඳින් බැරිනම් නරකින් හරි කතාකරලා හෝසොක් ජන්ග්කුක්ව නවත්තගත්තෙ ජන්ග්කුක් ප්‍රශ්න දිග්ගස්සගන්න එක වලක්වන්න.
ESTÁS LEYENDO
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfic"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...