30

283 49 47
                                    

"පිස්සුද ඒ ලමයට ගහන්න හදන්නෙ... "

ජින් හියුන්ග් මාව ඇදගෙන එලියට ආවා රෙස්ටුරන්ට් එකෙන්.

"නගින්න වාහනේට..."

මන් ජින් හියුන්ග් කිව්ව නිසා වාහනේට නැග්ගා. මට ඇත්තටම බය හිතුනා හියුන්ග් ගෙ ඇස් දෙක රතු වෙලා තිබ්බ විදියට... හියුන්ග් ට එහෙම කේන්ති ගන්න තරම් මන් කරපු වරද මොකක්ද කියලා මට තේරෙන්නෑ.

ජින් හියුන්ග් අපේ හියුන්ග් එක්ක මොනාද මන්දා කියවලා කියවලා හියුන්ග් ගෙ උරහිසටත් තට්ටුවක් දාලා ආයෙ කාර් එක ලගට ආවා.

"ඔය දෙන්නා අතර මොකද්ද ප්‍රශ්නෙ ජන්ග්කුක් .... ඔයා බරපතල වරදක් නොකර අර මනුස්සය එහෙම කේන්ති ගනී කියලා හිතන්න බෑ මටනම්..."

"මන් මොනාත් කලේ නෑ..."
මන් කිව්වෙ අහක බලන්.. මට ඔක්කොම දිග කතා හැමෝටම කිය කිය යන්න ඕනෙ නෑ.

"හ්ම්.. මට ඔයාලගෙ දේවල් අදාළ නෑ... මන් ඔයාව ගෙදරින් දාගෙන යන්නම්..."

"හියුන්ග්.. ?"

"ඔයාට එයා එක්කගිහින් ගුටිකන්න ඕනෙද... හහ් හහ්... මන් එයාට ඔෆිස් එකේ වැඩක් පැවරුවා.. ඔයා ගෙදර යන්... ආ මන් කිව්ව වැඩෙත් කරලා දෙන්න... හරිද.. හිමීට කරන්න ලබන මාසෙයි ඕනෙ..."

"හ්ම්"

"මෙ.. මට ඔයාගෙ ගෙදර පාර මතක නෑ .... පොඩ්ඩක් කියන්න හොඳේ..."

"හ්ම්.."

"අවුලෙන් ඉන්න එපා කොල්ලො... හියුන්ග් ගෙ තරහ නිවිලා තියෙයි ආයෙ ගෙදර එද්දි... මොක වුනත් ආයෙ ඒම තරහ යන වැඩ නොකර ඉන්න... "

එයා කියන ඒව අහගෙන හිටියා මිසක් මන් වෙන මොනාත් කිව්වෙ නෑ... ජින් හියුන්ග් මාව ගෙදරින්ම දැම්මා.. එයා මගෙන් පාර ඇහුවෙත් නෑ මතක නෑ කිව්වට ... හැබැයි හරියටම ආවා. මතක ඇති.. මන් දන්නෑනෙ එයා කලින් ඇවිල්ලා තියෙනව කියලා ... මන් නැති වෙලාවක එන්න නැති.. ඒ විදියට නූනා ත් එනව ඇතිනෙ.. 






































Author's pov

"ජූන්.. ඇයි මෙච්චර රෑ වුනේ... "

"ජින් හියුන්ග් මගෙ මේසේ පිරෙන්න ෆයිල්ස් වගයක් ගොඩ ගැහුවා ... ඔලුව කැක්කුමයි ඒව බලන් ඉදලාම... කෝ... කුකී..."

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Donde viven las historias. Descúbrelo ahora