Jungkook's pov
මන් ලචීව පුලුවන් තරම් මගෙ පපුවට තුරුලු කරන් ඉස්සරහට තිබ්බ අඩියත් ආයෙම පස්සට ගත්තෙ මන් බයවෙලා හිටිය නිසා. පස්සට ගිහින් මන් හෝසොක් හියුන්ග් ගෙ ඇගේ වැදෙද්දි එයා මාව අල්ලගෙන ලචීව මගෙ අතින් අරන් වඩාගත්තා.
"හෝසොක් හියුන්ග්... මොකද මේ..? "
මන්.හෝසොක් හියුන්ග් දිහා බලන් කලුවරේ කියද්දි එකපාරට ලයිට් ආවා. නෑ.. එයාලා ලයිට් ඔන් කරලා.
"හැපි බර්ත් ඩේ ටූ යූ කුකී ඇන්ඩ් ලචී.... "
ගොඩ දෙනෙක්ගෙ කටහඬ එකපාර ඇහෙද්දි මාව උඩ ගියා. යොන්චුල් හියුන්ග් , ජින් හියුන්ග් , ජීමින් , යුන්ගි , අප්පා, නූනා හැමෝම මැද හියුන්ග් එයාගෙ කම්මුල් වලගැහෙන හිනාව දාගෙන හිටියා . එයාලා ඉස්සරහා ටේබල් එක උඩ සුදුපාට කේක් එක 'koo & Lachi' කියලා ගහලා තියනවත් මන් දැක්කා.
"හියූන්ග්... ඇයි... මන් බය වුනා... "
"හැපි බර්ත්ඩේ කුකී...ලචීට නම් තේරුමක් නෑ ඒත්, ඔයාව සප්‍රයිස් කරන්න ඕනෙ වුනා අපිට... "
මන් හියුන්ග්ගෙ ඇඟට පැනලා එයාව පුලුවන් තරම් තද කරලා බදාගත්තා.
"අඬනවද ඔය... කෝ බලන්න මූණ... "
නූනා මාව හියුන්ග් ගෙ ඇගෙන් අහකට ඇඳලා ගන්න හදද්දි මන් තවත් හියුන්ග් ගෙ පපුවෙ මූන ඔබන් ඉන්න හැදුවෙ මට ඇඬෙන්න අරන් තිබ්බ නිසා.
"අඬන එක නවත්තලා ලචීත් එක්ක ගිහින් ලෑස්ති වෙලා එන්න... "
"මන් අඬන්නෑ... "
මන් බිම බලන් කඳුලු පිහාගෙන කිව්වෙ හිනාවෙන්න උත්සහ කරනගමන්.
"ආ.. මෙයත් එක්ක ගිහින් ලෑස්ති වෙලා එන්න.. ම්... "
නූනා මගෙ අතට මොකද්දො බෑග් එකක් දෙද්දි හෝසොක් හියුන්ග්ගෙ අතින් ලචීත් මගෙ අතට නිකන්ම පැන්නා.
"මොනාද මේ... "
"ඔය දෙන්නා ඔය ඉන්න විදිය මෙතනට ගැලපෙන්නෑ .... "
ඇත්ත , මන් හිටපු විදියටම දුවන් ආවා මිසක් ඇඳුම ගැන හිතුවෙ නෑ.
මන් ලචීවත් ලෑස්ති කරන් ආයෙම එද්දි හැමෝම කේක් එකේ කැන්ඩ්ල්ස් පත්තු කරලා ලෑස්ති වෙලා හිටියා.
ESTÁS LEYENDO
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfic"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...