Jungkook's pov
මන් ඇහැරෙද්දි හුඟක් හවස් වෙලා. මන් හිතන් හිටියෙ උදේ කියලා. පුරුද්දට වගේ මන් ඇඳෙන් බැහැලා කිචන් එකට ගියෙ මගෙ බනානා මිල්ක් එක හියුන්ගෙන් ඉල්ලගන්න.
"හියුන්ග්..."
"ජන්ග්කුක්.. ඔයා නැගිට්ටද... ජූන් තාම ආවෙ නෑ ... ටිකක් රෑ වෙයි කිව්වා... ඔයාට මොනාද ඕනෙ... "
නූනා කියවන්න පටන් ගද්දි මට මතක් වුනේ දැන් මේ උදේ නෙවේ හවස කියලා.
"ම්ම්.. "
මන් ගිහින් ෆ්රිජ් එක ඇරලා බනානා මිල්ක් එකක් අරන් ආයෙ ඉකමනට මාරු වෙන්න හැදුවෙ නූනා මගෙන් මොනාහරි අහයි කියලා බයට.
"කුකී.. ඉන්න.. ඇවිල්ලා වාඩි වෙන්න මෙහෙන්.. "
බේරෙන්න බැරි වුනාම මන් ගිහින් වාඩිවුනා සෝෆා එකෙන්. නූනත් ඇවිල්ලා මගෙ එහා පැත්තෙන් වාඩි වුනා.
"මොකද වුනේ... "
"මුකුත් නෑ... "
"නැත්තන් ඇයි හදිසියෙ ඒම ගෙදර එන්න ඕනෙ වුනේ.. හෝසොක් ශි කිව්ව නිසා මාත් ඉතින් මුකුත් අහන්නැතුව නිදාගන්න දුන්නෙ.. ඒත් මන් දැනගන්න ඕනෙනෙ.. උදේ කිසි අසනීපයක් තිබ්බෙ නෑනෙ.. තිබ්බා නම් ඇයි නොකීවෙ.."
"ඒක නිකන් ඔලුවෙ කැක්කුමක්... "
මන් ඒම කියලා නැගිටලා එන්න හැදුවම නූනා ආයෙ මගෙ අතින් අල්ලගත්තා යන්න නොදී. මට තේරෙන්නෑ ඇයි ඔච්චර පන්න පන්න මන් ගැන හොයන්නෙ . ඒකෙන් එයාට ඇති වාසිය මොකද්ද.. ඇත්තටම මට ආදරේ නිසාද.. නැත්තන් මාව පාවිච්චි කරනවද...
"වෙනදට ඔයා ඔයිට වඩා අමාරු ඉවසන් ඉදලා තියෙනවනෙ... නේද... කුකී... ඉස්සර වගේ නූනාත් එක්ක කතා අඩු මොකද දැන්... ඔයා ඉස්සර ගොඩක් ඒවා මට කිව්වනෙ... මට කියන්න මොකක්ද ප්රශ්නෙ ..."
ඇත්ත.. මන් ජීයුන් ගැන පවා නූනා එක්ක කතා කරලා තියෙනවනෙ. මන් නූනාගෙන් ඉස්කෝලෙ පාඩම් අහගෙනත් තියෙනවා. ඒත් එදා ජීයුන් මාව එහෙම අතෑරියට පස්සෙ.. මට විශ්වාස නෑ කාවවත්. මට හිතෙන්නෙ හැමෝම එයාලගෙ වාසියට මාව තියන්න ඉන්නව වගේ. ඉතින්... මන් හැමෝගෙන්ම ටික ටික ඈත් වෙලා ආයෙ ඉස්සරම ඉස්සර හිටිය නපුරු ජන්ග්කුක් වෙන්න ඕනෙ ආයෙත්. හියුන්ග් අප්පා දෙන්නට ආයෙ මන් ගැන බලන්න වෙලාව අඩු වෙද්දි මට ආයෙ තනියෙම ඉන්න ඕනෙ. අප්පා කෙසේ වෙතත් හියුන්ග් .... තාම ගෙදර ආවෙ නෑ. ආවමත් එයා නූනා එක්කනෙ .
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...