80

123 39 4
                                    

මිට මොලවලා කන්නාඩියෙන් පේන මගෙ ප්‍රතිබිම්බෙට ගහන්න හැදුවෙ මට මන් ගැනම ආව කේන්තිය නිසා.

ළොකු සද්දයක් එක්ක කන්නාඩිය කෑලි කෑලි වෙලා ඉරිතලලා යද්දි මගෙ අතින් ලේ ගලාගෙන ඇවිල්ලා සින්ක් එකට වැටුනා. මට වැඩි වෙලා ඒකෙන් සැනසීමක් ලබන්න හම්බවුනේ නෑ ලචී නිසා. සමහරවිට සද්දෙ නිසා වෙන්නඇති එයා ඇහැරිලා හය්යෙන් අඬන්න ගත්තාම මන් ඉක්මනට අත හෝදන් එයා ළඟට ගියා. හේදුවා කියලා ලේ යන එක නතර නොවෙද්දි මන් අත පිටිපස්සට කරන් ලචී ලගට ගියා.

"ලචී.. බබා.. මොකදමේ.. ශ්.. අඬන්න එපා.. "

එක අතකින් එයාගෙ ඔලුව අත ගගා මන් එයාව සන්සුන් කරන්න හැදුවා. අන්තිමට එයා ඇඬිල්ල නවත්තගත්තා නූනාවවත් හියුන්ග්වවත් කාමරේට ගෙන්න ගන්නෙ නැතුව.

ලචී මාව බේරුවා. එයා අඬලා මාව එයා ලගට ගෙන්න ගත්තෙ නැත්තන් මන් නරක දෙයක් කරගෙන ආයෙ ලොකු ප්‍රශ්නෙකට වැටෙන්න තිබ්බා කියලා මට තේරුම් ගියා.

ඉක්මනට වොශ් දාන් ඇවිල්ලා අතේ තුවාලෙත් කොහොමහරි බැන්ඩේජ් එකක් ඔතාගෙන මන් ගිටාර් එක අතට ගත්තා රෑ කියලා නොබලා. ලචී ඇහැරෙන්නැති වෙන තරම් හිමීට යන්තමට එක කෝඩ් එකක් ප්ලේ කරන්න ඇගිලි නැමුව ගමන් තුවාලෙ කැක්කුම දැනෙන්න ගත්තම මන් ඒකත් පැත්තකින් තිබ්බා. 

හිතේ තියන හැඟීම් ඔක්කොම මන් අකුරු කලා ෆෝන් එකේ නෝට්පෑඩ් එක ඔන් කරගෙන. කවදාවත් මේ වචන මිනිස්සුන්ට අහන්න වෙන්නෑ කියලා දැනගෙනත් මන් හිතේ නිදහස වෙනුවෙන් ලිව්වා. මන් සමහර ඒවට හොඳ මෙලඩීස් හිතලා ඒවාත් රෙකෝඩ් කලා මහ රෑ . එදා නින්ද මගෙ ලගට ආවෙම නෑ. සැරින් සැරේ නිදාගෙන ඉන්න ලචී දිහා බලාගෙන ඉන්නවයි සිතුවිලි වචනවලට හරවනවයි ඇර මට කරන්න දෙයක් තිබුනෙ නෑ.

ලචී රෝල් වෙලා ඇඳේ කෙලවරටම ඇවිල්ලා ඉන්නවා දැක්කාම මන් එයාව උස්සගත්තෙ වැටෙන්නැතුව ඇඳේ මැද්දට වෙන්න තියන්න.එයව උස්සලා ගත්ත ගමන් නින්දෙන්ම එයා මගෙ බෙල්ල බදාගත්තෙ මට නැගිටගන්න දෙන්නෙත් නැතුව . අන්තිමට එයා මගෙ බඳ වටේ චූටි අත් දාන් නිදාගෙන ඉද්දි මන් ඉතුරු වෙලාවත් උදේ වෙනකන් ඇහැරීගෙන හිටියා . මට නින්ද ගියේ නැති නිසා. ලචී වගේ මගේ බබා මගෙ ඇගේ දැවටෙන්නෙ කවද්ද කියලා මන් කල්පනා කර කර හිටියා. 

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now