"ඔය තරමට මාව මඟ අරින්න එපා ජන්ග්කුක් ..."
ජීයුන් මගෙ එහාපැත්තෙන් වාඩි වුනා යුන්ගි ට පින් සිද්ධ වෙන්න.යුන්ගි මාව කෑවා.
"තමුසෙ මගෙ පස්සෙන් එන්න ගත්තද ලැජ්ජ නැද්ද කොල්ලෙක් පස්සෙ යන්න.."
"නෑ මේ මන් ගෙදර යන පාර... පස්සෙන් එන්න මන් ඔයාට ආදරේ කරන්නෑනෙ.. යාලුවො විදියට ඉන්නයි ඇහුවෙ. "
මන් කේන්තියට බස් එකේ ඉස්සරහ සීට් එක තද කරලා අල්ලගත්තෙ මෙතන කේන්තිය පිට කරන්න විදියක් නොතිබ්බ නිසා.
"තමුසෙ.... කොහොමද ජීයුන් ඔයවගේ කතා කරන්නෙ.. මොනාද මන්දා ගැලපෙන්නැති බොරුවකුත් කියලා මාව ඕනෙ නෑ කියන්න තරම්.. ඊට පස්සෙ අපි යාලුවො විදියට ඉමු කියන්න තරම්... මන් දන්නෑ.. මටත් ඔහේව සතේකට වැඩක් නෑ දැන්... කොහොමටත් හොඳ වෙලාවට මේක මෙහෙම වුනේ.... "
මන් කියාගෙන ගියේ ජීයුන්ගෙ මූන නොබලා. මූන බැලුවොත් හැමදාම වගේ ඒ නිල් පාට ඇස් දෙක අස්සෙ මාව අතරමං වෙයි කියලා මන් බය වුනා.
"හ්ම්... ඔව්.. හොඳට වුනේ. ඔයාගෙ හොඳට... කොහොමත් දැන් ඔයාට නීති රීතිත් ගොඩක් ඇතිනෙ.... ඔයාට ගොඩක් වැඩත් ඇති.... මම හිටියත් ඔයාට බාධාවක් විතරයි වෙන්නෙ... ආහ්.. ඉන්න මට දෙන්න දෙයක් තියෙනවා..."
මන් එයා දිහා බලද්දි එයා බෑග් එක අදින්න ගත්තා. ඉස්සර වගේ එයාගෙ මූනට වැටෙන කොන්ඩ කෑලි ටික කනපිටිපස්සෙ රඳවන්න ආව සිතුවිල්ල බොහොම අමාරුවෙන් යටපත් කරන් මන් ආයෙ අහක බලාගත්තා.
"ආ.... මන්දන්නෑ පිටින් කෑම ගේන දෙනවද කියලා ඔයාට.. ඒත්.. හොරෙන් හරි.. කන්න.. "
එයා මගෙ මූන ඉස්සරහට ලන්ච් බොක්ස් එකක් දිග් කලා හිනාවෙවී.
"මන් මේව දෙන්නෙ... අ... ඔයාට ආදරේ කරන නිසා කියලා වැරදියට තේරුන් ගන්න එපා... යාලුවෙක් විදියට මට බලන් ඉන්න බෑ ඔයා ඔහොම ඉන්නවා... උදේ ඉඳන් දෙන්න හිටියෙ... දවස් ගානක් තිස්සෙ මට තේරුනා ඔයා හරියට කන්නෙ නෑ කියලා... ප්ලීස් මේක ගන්න ජන්ග්කුක් ... යාලුවෙක් වි-"
"යාලුවෙක් යාලුවෙක්... ඕකම කියවන්න එපා... තමුසෙට බොරු ගළපන්න තේරෙන්නෙ නැ... එහාට වෙනවා.. "
DU LIEST GERADE
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...