පාක් එකට යනකනුත් ලචී සෑහෙන්න කියෙව්වා. කියවන්න පටන් ගත්ත තැන මට මතකත් නෑ එයාට මතකත් නැතුව ඇති.
"අහගෙනද ඉන්නෙ මන් කියන එක.. "
"ආ ඔව් ඔව්.. මන් මේ පාර බලාගෙන ඩ්‍රයිව් කරන්න එපැයි ඉතින් . මන් අහගෙන ඉන්නෙ.. "
"හරිද ඊට පස්සෙ- "
එයා ආයෙ කියවන්න ගත්තා.
"ලචී .. මන් මේ නිකමට අහන්නෙ ඔයා ස්කූල් එකෙත් ඔහොම කියවනවද.. "
"ඒකෙ කාත් එක්ක කියවන්නද.. එක යාලුවයි මට ඉන්නෙ. එයත් එක්කත් මට කතාකරන්න දේවල් නෑ. "
"ඔයා යාලුවො හදාගන්න ඕනෙ ලචී. ඔයා යාලුවො එක්ක චැට් ගෲප් එකකවත් ඉන්නවද.. "
"නෑ. ඒ මොකද්ද "
මට හිනාගියා. මාත් ඒ දවස්වල ඒ විදියටම තනියම හිටපු කෙනෙක් නිසා.
"මුකුත් නෑ .. ඔයා කිය කිය ගිය කතාව කියන්නකො.. "
මන් ඒ කතාව මග ඇරලා දැම්මෙ ආයෙ අතීතෙට යන්න ඕනෙ නැති නිසා.
පාක් එක ඇතුලට මන් ගියේ කලු ඇඳන් ජැකට් එකකුත් දාන් මාස්ක් එකකුත් දාන් කැප් එකකුත් දාන් වුනත් ලචී නම් ඒ මුකුත් නැතුව ගියේ. ෆැශනිස්ටාර් වගේ සුදුපාට ඩෙනිම් එකකුයි එපා කිව්වට අහන්නෙ නැතුව කොටම කොට බඩ පේන්න රෝසපාට ක්‍රොප්ටොප් එකකුයි එයා ඇඳන් හිටියෙ. මිනිස්සු පොඩි කාලෙ ලචීව අඳුරනවා ඇති වුනාට දැන් ලචීව මිනිස්සුන්ට ගානක් වෙන එකක් නෑ කියලා මන් හිතුවා.
මාව ඇස් දෙකෙන් විතරක් අඳුරගත්ත මිනිස්සු එතන හිටියා. ඒ අය මට කරදරයක් වෙන විදියට ලගට ආවෙ නැතත් මිනිස්සු මාව අඳුරගන්න එක මට අපහසුතාවක් වුනා. මන් හිතන්නෙ ලචීටත්. කට්ටිය කුටු කුටු ගාන සද්දෙ ඇහෙද්දි අපි දෙන්නටම අමුතුයි වගේ. ඒ අය ලචීවත් අඳුරගෙන තිබුනා මන් නොහිතුව විදියට.
"ඒ ජේ.කේ.. "
"ඔව්මයි.. ඒත් ඒ එයාග්‍ර් දුවද.. "
"එයාට ඉන්නෙ පුතෙක්ලුනෙ."
"ඒයි.. කුකීට ඔච්චර ලොකු දුවෙක් ඉන්න බෑ ඒ එයගෙ හියුන්ග් ගෙ දුව.. "
"අනේ දෙවියනේ ලචීමොලාලා.. "
එයාලා කතාවෙන ඒවා ඇහුනම ලචී මගෙ ඇඟිල්ලක් අල්ලගෙන මගෙ ඇගටම ඇලුනා. සමහරවිට එයාට බය ඇති මිනිස්සු ඉස්සරහා.
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...