86

128 37 2
                                    

මට නූනාට බනින්නත් හිතෙනවා. ඒත් බනින්නත් බෑ. එයා කරලා තියන දේ වැරද්දකුත් නෑ. ඒවුනත්.. එයාට තිබුනා මට කියන්න කලින්.

නූනා මගෙ ඔක්කොම සොන්ග් කවර්ස් එක පෙලට යූට්‍යුබ් චැනල් එකක් හදලා අප්ලෝඩ් කරලා. මට නිකමටවත් කිව්වෙ නැත්තෙ මන් අකමැති වෙන් නිසාලු. පොඩි එකෙක් වගේ මගෙ ඉස්සරහා පාපොච්චාරනය කරන්න ගත්තාම එයා කරපු වැඩේ මන් හිටියේ කියාගන්න දෙයක් නැතුව.

"කූ..  මිනිස්සු ඔයාට ආයෙ ආදරේ කරන්න අරගෙන තියෙන්මෙ.. ම්.. ඔයා දිගටම සින්ග් කරන්න ඕනෙ.. "

නූනා මගෙ වටේ කැරකි කැරකි හැම තිස්සෙම ඕක කියව කියව පස්සෙන් ආවත් මගෙ එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ ඔය වැඩේට. ඒ මදිවට ජීයුනුත් නූනාගෙ කතාවට පොහොර දාන්න ගත්තාම නම් මට කේන්ති ගියා.

"පිස්සු හැදිලද ඔයාලට…. සින්දු කියන්න ගිය නිසායි හැම කරදරයක්ම ආවෙ.. නැත්තන් මන් මගෙ පාඩුවෙ හොඳට ඉන්නවා.. ආයෙ ඒ විකාර ජීවිතේ පටන් ගන්නද කියන්නෙ.. ආ.."

"ජන්ග්කුක් එහෙම නෙවේ.. ඒක ඔයාගෙ හීනෙ නෙවේද.. "

"හීනේ.. හීනෙ තමා. මන් ඒක හැබෑ කරගෙන බැලුවා. දැන් මට ඒ හීනෙ ඇති.. ඔයාවයි මගෙ ලමයවයි බලාගෙන ප්‍යාලට හොඳ ජීවිතයක් දෙනවට වඩා වෙන අරමුනක් දැන් නෑ.. මාව කේන්ති ගස්සන්නැතුව ඉන්න ජීයුනා. "

"ඔයාට දෙයක් පැහැදිලි කරන්න පුලුවන්යැ ඉතින්.. "

අන්තිමට රන්ඩු වෙලා බුම්මන් ඉන්න එක තමා දවස් ගානක් තිස්සෙම වුනේ. නූනා කරපු වැඩෙන් මිනිස්සු කොච්චර මට ආයෙත් බොරුවට ආදරේ කරන්න පටන් අරන්ද කිව්වොත් ආයෙ මට පාරට බහින්න බැරි තත්වයක් ඇවිල්ලා . රස්සාවට නොයා සතියක් විතර ගෙදට්ට වෙලා ඉන්නත් වුනා. එතන ඉන්න වයසක මිනිස්සු ටිකත් මාව අඳුරගනී කියලා මට බය හිතුනා. අනිත් එක හියුන්ග් මට නීති දැම්මා යන්න එපා කිය්ලා කොහෙවත්.

"නූනා…නූනා නූනා… බලන්න දැන් ඔයා නිසා මන් ගෙදට්ට හිරවුනා ආයෙ.. "

"සොරි..කූ.. ඒත් මෙහෙම වුන එක හොඳ නැද්ද්.. මිනිස්සු ඔයාට ආදරෙයි.."

"ආදරේ.. මගුල.. "

මන් දමලා ගහලා ආවා. ගෙදර ඉන්නවා කියන එකත් ලේසි වැඩක් නෙවේ. යොන්ජුන්ව හුරතල් කරන්න මන් ආස වුනත් ලචීට පේන්නැතිවෙන්න තමා කරන දෙයක් කරන්න වෙන්නෙ. නැත්තන් දුටුතැන ගුටිකන්න පුලුවන්. සැපුම් ප්‍රහාරවලට ගුටි ප්‍රහාරවලට සූදානමින් ඕනෙ ලචීගෙ ඉස්සරහා යොන්ජුන්ව අතට ගන්න ඕනෙ. 

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Donde viven las historias. Descúbrelo ahora