Jungkook's pov
මන් ඇහැරෙනකොට රෑ වෙලා තිබුනා. ජීයුන් මාත් එක්ක හිටියෙ හීනෙන්ද කියලා කල්පනා කර කර ඉඳලා මන් ජීයුන්ට කෝල් එකක් අරන් බැන්නා එයා මට නොකියා මාව දාලා ගියා කියලා.
"ඔය විදියට දැන් මට බැන බැන ඉඳලා ඔයාගෙ උගුරයි සවුත්තු වෙන්නෙ හරිද... හැබැයි මන් හවස කොන්සට් එකට එන්නෑ ජන්ග්කුක් ඔයා ඔය විදියට මට බනිනවා නම්.. "
"අහ්... මොකක්ද අනේ. සොරි. මන් තියනවා. හවසට එන්න.. ඔයත් නෑවිත් ඉන්න එපා.. "
අන්තිමට මුකුත් නොවුන ගානට එයා මට ෆෝන් එක හරහාත් කිස් දුන්නා.
"මේක ... කාගෙද ජන්ග්කුක් . "
"ඈ... "
යොන්චුල් හියුන්ග් මාව රියර්සල් වලට එක්කන් යන්න ඩෝම් එකට ආවම එයාගෙ උකුසු ඇස් වලට මගෙ රූම් එකේ තිබ්බ ගෑනු ලමයින්ගෙ හෙයා බෑන්ඩ් එකක් අහුවුනා. ඒක රෝස පාට බෝල බෝල තිත් වැටුන එකක් වුන නිසා මට කියන්න බෑ ඒක මගේ කියලා.
"ඔයාගෙ අර කෙල්ලව මෙහෙ ගෙන්න ගත්තද ආ... "
"ඈ... නෑ.. අහ් මොන කෙ.. ල්ලද අනේ.. "
"කොහෙන්ද එහෙනම් මේක මෙතනට ආවෙ.. "
හියුන්ග් ඒක අතට අරන් මගෙ මූනට දිග් කලා. මන් ඒක උදුරලා අතට ගත්තෙ ඒක ජීයුන්ගෙ ඔලුවෙ තිබුන එක නේද කියලා මට මතක් වෙද්දි.
"අහ්..ඕක මගෙ- "
"ඔයා කවද ඉඳන්ද මේවගෙ ඒවා- "
"මගෙ නෙවේ ... මගෙ හියුන්ග් ගෙ.. බ.. බබාගෙ.. ඔව්.. මන් එදා.. එදා එයාව මෙහෙ- "
"ආ.. ඔව් නේද.. කොහොමත් මේවගෙ බොළඳ එකක් තරුන කෙල්ලො පාවිච්චි කරන්නෑනෙ.. කෝ දෙනවා. ඕවාගෙ එකක් ඇති ලොකු ප්‍රශ්න ඇති වෙන්න.. "
හියුන්ග් මගෙ අතින් ඒක උදුරලා අරන් සාක්කුවෙ දාගත්තා. මන් හුස්මක් පිට කලේ යතම් බේරුන එක ගැන සතුටු වෙලා.
උදේ වරුව එක පාරක් විතරක් රියර්සල් කලේ හවස කොන්සට් එකට කලින් මට ඕනවට වඩා මහන්සි වෙන්න බැරි නිසා. ඒ වුනත් දැන් දවස් ගානක් තිස්සෙ ඇගේ තියන මහන්සි ගතිය තාම එහෙම්මම තිබුණා. පහු ගිය ටිකේම ඕනවට වඩා මහන්සි වුන නිසා වෙන්න ඇති කියලා ඇගේ අමාරුව මඟ ඇරලා දාලා මන් රියර්සල් එකේත් උපරිමයෙන් පෆෝම් කලා. හවස කොන්සට් එකෙන් පස්සෙ ආයෙ දවස් ගානක නිවාඩුවක් අරන් මහන්සි අරින්න පුලුවන්නෙ.
ČTEŠ
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfikce"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...