"කොහෙද ලමයො සිහියක් නැතුව ඇවිදින්නෙ.. "
ඩොක්ටර් හෝසොක් මගෙ ඉස්සරහ තාප්පයක් වගේ හිටගෙන කිව්වා. තාප්පෙක නෙවේ මන් හැප්පිලා තියෙන්නෙ එහෙනම්.
මට ඩොක්ටර් හෝසොක්ව දැක්කම දෙයක් මතක් වුනා.. ඒත් . දැන් ඒ කතා ඕනෙ නෑ කියලා හිතලා මට ඕනෙ වුනේඑමග ඇරලා එන්න.
"මියානෙ.. මන් අහක බලන් ආවෙ."
" මොකක් හරි ප්රශ්නයක්ද... "
"ම් නෑ.... "
"ආයෙ ඔයාගෙ බඩේ කැක්කුම් ආවෙ නෑනෙ...?"
"නෑ... මන් යන්නම්"
"ඉන්න ටිකක් ජන්ග්කුක් "
"ඇයි..ඒපාර මොකද... ඔයා එදා හියුන්ග් ට මන් ගැන කේලම් ටික කිව්ව එක මදිද.. නැත්තන් සමාව ගන්නද..."
"ඇ.. "
"ඩොක්ටර් හෝසොක්... ඔයා එදා මාව ගෙදර ගිහින් දැම්මෙ... මතක ඇතිනෙ.. ඔයා කලින්ම මාව හොස්පිට්ල් එකේදි දැක්කා.. එහෙමනෙ.. ඔයා මගෙ පස්සෙන් එනවද.. මන් යන යන තැන ඔයා ඉන්නවා... ඔක්කොම ගිහින් හියුන්ග්ටත් කියනවා ඔයා..."
"මොනාද ජන්ග්කුක් මේ කියන්නෙ... මට තේරෙන්නෑ.. "
එයාට තේරෙන්නෑ වෙන්නෙ එයා බබෙක්ද.. මට හොඳටම සැකයි මේ මනුස්සයව. හියුන්ග් මන් ගැන ඔත්තු බලන්නත් කට්ටිය දාලාද. හියුන්ග් ට මොලේ අමාරුවක් නැතුව ඇතිනෙ ඩොක්ටර්ස්ලාව මගෙ හොර අල්ලන්න දාන්න තරම්.
"ඔයා එදා හියුන්ග් ට කිව්වා මන් කොහෙහරි ගියා ... ඔයා මාව ගෙදර ඇරලුවෙ කියලා... එහෙම නෙවෙද ඩොක්ටර් ... ජ...න්ග් හෝ..සොක්.."
මන් එයාගෙ ඇදුමෙ ගහලා තිබ්බ නම බලන් කියෙව්වෙ.
"මන් මේ ස්කූල් එකේ මෙඩිකල් රූම් එකේ ඉන්න දොස්තර මිසක ඔයාගෙ පස්සෙන් එන්න මන් ඔත්තුකාරයෙක් නෙවේ ලමයො... අද කාලෙ ලමයි හැදෙන විදිය තමා... උදව්වක් කලත් බැනුන් අහන්න ඕනෙ.."
ඒපාර එයා තනියෙම කියව කියව එතනින් ගියා. අහ් මට තේරෙන්නෑ ඇයි මගෙ ජීවිතේ මෙච්චර පැටලිලි ගොඩක් කියලා.
"ආ... ගන්නවා... ඔයාගෙ ප්රශ්නෙ දන්නෑ... ඒත් ඕනවට වඩා හිතන්න එපා... සැහැල්ලුවෙන් ඉන්නවා.. "
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...