Jungkook's pov
"ජන්ග්කුක්... නැගිටින්න... ඉස්කෝලෙ ඇරිලා.."
හියුන්ග් ඉස්කෝලෙ ඇරුනා කියලා මාව ඇහැරවන්නෙ ඇයි.
"හියුන්ග්.... තව ටිකකින් මන් එන්නම්... ලෑස්ති වෙලා..."
"ජන්ග්කුක්... පිස්සුද තමුසෙට..."
"හියුන්ග්... බනින්න එපා.."
ඉන්න හියුන්ග්ගෙ කටහඩ... නෙවේ ඒ... මන් ඇස් ඇරලා බැලුවා.වස ලැජ්ජාව.
මන් එතකොට ඇඳේ නෙවේද ඉන්නෙ.
මේ ගෙදර නෙවේද
මන් ඉස්කෝලෙ ඇරෙනකන් නිදාගෙනද
මන් එතකොට අද දවසට කා එක්කවත් වලියක් දැම්මෙ නැද්ද
ඉන්ටර්වල් එක වෙලාවෙ ඉදන් මන් නිදියන් ද හිටියෙ.
මරු හැබැයි.
මන් මොකාද එකා වගේ මගෙ වටේ හිටන් හිටිය තුන්දෙනා දිහා ඔලුව හරෝලා බැලුවා.
ජීමින්.... ටේහියුන් ... ජීයුන්...
යුන්ගි... එයාත් එතනට සම්ප්රාප්ත වුනා. මන් හිතන්නෙ එයා එයාගෙ බාස්කට් බෝල් ප්රැක්ටිස් කිට් එකෙන් ඒ ආවෙ.
"ටේ... මන් එනකන් ඉන්නෙ නැතුව යන්න.... මන් යූනාව බලන්න ගිහින් එන්නෙ ...."
"හරි.. යුන්ගියා..."
එයා ටේහියුන් ට එහෙම කිව්වා... මගෙ දිහා අමුතු බැල්මක් දැම්මා.. ගියා.... යූනා.. කවුද.. යුන්ගිගෙ කෙල්ල වෙන්නැති... ටේහියුන් දන්නවා ඇති... ඒත් මට මොක-
"අම්මෝ... ඇති යන්තම් නැගිට්ටා.."
ජීමින් කිව්වෙ මගෙ මූනට එබිලා . මාව ගැස්සිලා ගියා.
"ඉස්කෝලෙ ඇරිලාද..."
මන් මෝඩයා වගේ ආයෙම ඇහුවා. ක්ලාස් එකේ මොකෙක්වත් වෙන නෑ කියලා පේද්දිත් ඇහුවා.
"ඔව්... පේන්නැද්ද... ලමයි ඔක්කොම ගිහින් තියෙනවා...."
"ඉතින් ඇයි ඔයගොල්ලො ඉන්නෙ... "
මන් හැදුවෙ බෑග් එක අරන් නැගිටින්න.
"කිම්... ජන්ග්කුක් .... දැන් ඔයා ඔය ගෙදර යන්න හදන්නෙ කියලා නම් කියන්න ලෑස්ති වෙන්න එපා..."
VOCÊ ESTÁ LENDO
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfic"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...