12

260 52 41
                                    


ජීමින් බයවෙලා සමහරවිට ටේහියුන් ඉන්න නිසා වෙන්න ඇති. ජීමින් විහින් තමා ටේ යුන්ගි ඩබල එක්ක ලෙඩ දාගත්තෙ. එයාට තිබ්බා මගෙ දේවල්වලට ඇගිලි නොගහා ඉන්න. දැන් හොද වැඩේ.

"ඇයි මොකක්ද ප්‍රශ්නෙ...ජීමින්.."

"නෑ.. මේ.. මෙයාත් එක්කද මම... "

"ඔව්.. ටේහියුන් ඔයාට පුලුවන් නෙ ජීමින්ට උදව් කරන්න.. එතකොට... කවුද අලුත් දුව ඔයාගෙ නම...ආ... ජීයුන්... ජීමින් ජීයුන්වත් එකතු කරගන්න... ඔයාට තේරෙනවනෙ එයාගෙ අඩුපාඩු ටික හදන්න..."

"අ..ආ..හා..හරි..මි..ස්.."

ජීමින් ඒකට කැමති වුනේ අකමැත්තෙන්ද කොහෙද... ඕනෙ එකක්... මට මේ මගුල් වැඩක් නෑ..මොන එහෙකටද මිස් මාව තියාගත්තෙ මෙතන. මට කට ඇරලා අහන්න ඕනෙ වුනා.

"එතකොට.. ජීමින්... අරයවත් හවුල්....කරගන්න"

මිස් මගෙ දිහාට ඇගිල්ල දිග් කරාමයි මාව උඩගියෙ.

"ඈ... මන්..මොනාටද..."

මගෙ කට බාගෙට ඇරුනා..දැන් මේ මිස් මට කියන්නෙ මන් ස්ටේජ් එක උඩ නැගලා සින්දු කියන්න ඕනෙ කියලද.

"මන් මොනාටද අහන්නෙ... ජන්ග්කුක් .... ඔයා ජීමින් කියන විදියට කරන්න... ඒ ඇති... "

"ඇ.."

"ඈ..ඈ.. නෙවේ... අවුරුදු ගානකින් සින්ග් කරලා නැතුව... දැන් ඔයාගෙ කටහඩ ගිහිල්ලද දන්නෙත් නෑ... ඒවුනාට ඔයා අනිවාරෙන් මේකට ඉන්න ඕනෙ... හරිනෙ එහෙනම්... ඔයාලට කැමති විදියට ඉස්කෝලෙන් පස්සෙ හරි උදේ හරි වෙලාවල් දාගෙන හරියට ප්‍රැක්ටිස් වෙලා ලස්සන අයිටම් එකක් හදන් මට පෙන්නන්න ඕනෙ...කොන්සට් එකට සතියකට කලින්... තේරුනාද ජීමින්..."

"ඈ.... ආ.. ඔ..ඔව් මිස්..."

මට නම් බෑ .. සින්දු කියන්න. බෑ..කිව්වෙ... මෙ.. හරි මන් කැමති නෑ..මිස්ට පිස්සුද මන්දා.. ඒකත් මන් ... මේ කොට ජීමින්ට ඕනෙ විදියට ඉන්න ඕනෙද... මේ ටේහියුන් එක්කත්... මන් මේක කරන්නෑ.

"මිස්... මට මේක බෑ..."

"ජන්ග්කුක්....මගෙන් ගුටි කන්නැතුව...කිව්ව දේ කරන්න... කිසිම දේකට සහභාගි වෙන්නෙ නෑනෙ ඔයා. "

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now