54

225 44 12
                                    

Author's pov

ජන්ග්කුක් ඇඳෙන් බිමට පතබෑවුනේ හීනෙන්. හෝසොක් කල්පනා ලෝකෙන් මිදිලා.ජන්ග්කුක් ලගට දුවන් එද්දිත් ජන්ග්කුක් වැටිලා ඉවරයි.

"හියූන්ග්.... ආහ්... ඔම්මා.. හියුන්ග් ...   "

ජන්ග්කුක් තාමත් නිදිමතේ කියවන්නෙ.  හියුන්ග් කිය කිය ජන්ග්කුක් හොයන්නෙ තමන්ව නෙවේ නම්ජුන් ව බව දන්න හෝසොක්ගෙ හිතත් ඒ අස්සෙන් ගොඩක් රිදුනා.

"කුක්... මේ මම... අඬන්න එපා.. කෝ ඇහැරෙන්නකො.. ඉස්සෙල්ලා...තාම නිදිමතේ ඉන්නෙ..  ඒක හීනයක් .. හීනයක් විතරයි . "

හෝසොක් ජන්ග්කුක්ව උස්සලා ආයෙම ඇඳෙන් තිබ්බෙ පුලුවන්කමකට නෙවේ, තමන්ගෙ ඇඟේ අමාරු හංගගෙන. වතුර ටිකක් මූනට ඉහලා ජන්ග්කුක් ව හොඳ සිහියට ගත්තෙ ජන්ග්කුක් තවම නිදිමතේ හීනෙන් අඬන නිසා.

"ආව්...... ක- කකුල.... හියුන්ග් ... ආහ්.... "

"කකුල මොකද්ද... කොහෙහරි තුවාල වුනාද......ඉන්න.. ඉන්න හියුන්ග් බලන්නම්.. "

ජන්ග්කුක් නිදිමතේම කකුල අල්ලන් අඬන්න ගද්දි හෝසොක් ජන්ග්කුක් ගෙ කකුලෙ බැන්ඩේජ් එකක් එතුවෙ කකුල යන්තමට ඉදිමීගෙන එනව දැක්ක නිසා. වේදනාවටද කොහෙදො ජන්ග්කුක් ගෙ නිදිමතත් ගිහින් තිබුනා.

"ඒක හරි දැන්... මුකුත් නෑ.. හ්ම්.. හැමදේම හොඳින්.. "

"හො- සොක් හියුන්ග් ... හියුන්ග් කෝ.. "

"අපි හොස්පිටල් එකේනෙ ඉන්නෙ.. හියුන්ග් ගෙදර ඇති.... ඔයා හීනෙන් බයවෙලා.. බයවෙන්න එපා මන් ඉන්නවනෙ.. "

හෝසොක් ජන්ග්කුක් ව පපුවට තුරුලු කරගෙන ඔලුව අතගාද්දි ජන්ග්කුක් හිමින් සන්සුන් වුනා.

"දැන් නිදාගන්න ආයෙ... "

"මගෙත් එක්ක.. නිදාගන්නකො මෙතනින්.. ප්ලීස්.. "

"නිදිමත නෑ මට.. මන් මෙතන ඉන්නම් ඔයා නිදාගන්නකම්.. බයවෙන්න එපා නිදාගන්නකො..."

ජන්ග්කුක් ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා හෝසොක් ඇඳ උඩින් වාඩිවෙලා ජන්ග්කුක් ගෙ ඔලුව අතගෑවෙ නින්ද යනකන්.

ජන්ග්කුක් ගෙ එහාපැත්තෙම හෝසොක්ටත් නින්ද යනකන් එයාටම දැන්නෑ.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now